කුඩු සලිඳුගේ කුඩු ජාවාරමට සහාය දුන් 2 ක් කෝටි 5 ක් සමග නාකොටිත් දැලේ

280

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින මෙරට ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කුඩු සලිඳු නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ සහයිකාවක සහ තවත් පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයූ රුපියල් කෝටි 5 ක මුදලක්ද සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර කාන්තාව 65 හැවිරිදි වියේ පසුවන අතර සැකකරු 38 වැනි වියේ පසුවෙයි. බණ්ඩාරගම ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකට කාලයක සිට දෛනිකව අධික මුදලක් බැරවන බව සොයාගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ඒ ඔස්සේ සිදුකළ විමර්ශනයකදී කුඩු සලිඳුගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන සහායිකාව අත්අඩංගුවට ගන්නා ලදි. එම ගිණුමේ තිබී රුපියල් කෝටි 2 ක මුදලක් පොලිසිය භාරයට ගෙන ඇත.

මෙම ජාලයට සම්බන්ධ අනෙක් තැනැත්තාද ඒ ඔස්සේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය නාශක අංශය අළුබෝමුල්ල ප්‍රදේශයේ අලුතින් ඉදිවන නිවසක උඩුමහලේ වතුර ටැංකියක් යට සඟවා තිබූ රුපියල් කෝටි 3 ක මුදලක්ද සොයා ගන්නා ලදි. එම මුදල්ද කුඩු සලිඳුගේ මත්ද්‍රව්‍ය ජාලය හරහා ඉපයූ ඒවා බව මේ වන විට අනාවරණය වී ඇත. පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment