කුරුණෑගල සිඟමනේ ගිය අම්මලා පුතාලා 9ක් පරිවාස භාරයට

230

කුරුණෑගල නගර මධ්‍යයේ කුඩා දරුවන් ද සමග මහමඟ ජීවත් වෙමින් සිඟමනේ නියැළුණු මවුවරුන් සහ දරුවන් නවදෙනකු කුරුණෑගල ළමා හා කාන්තා පොලිස් කාර්යාංශය මගින් පෙරේදා (15 වැනිදා) අත්අඩංගුවට ගෙන පරිවාස භාරයට යොමු කර ඇත.

බාල වයස්කාර දරුවන් සිඟමනේ යෙදවීමේ වරද මත මෙම පිරිස පොලිස් භාරයට ගෙන ඇත. ඔවුන් අතර මවුවරුන් හතරදෙනකු හා දරුවන් පස්දෙනකු සිටි බව කුරුණෑගල පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂිකා ඉන්දිකා දැල්කදුර මහත්මිය පැවසුවාය.

ලෝක ළමා දිනයේදී ද මෙවැනිම වැටලීමක් සිදු කර කුරුණෑගල නගරයේ බාලවයස්කාර දරුවන් සමග සිඟමනේ නිරත වූ පිරිසක් පොලිසිය මැදිහත් වී පරිවාස භාරයට පත් කර ඇත.

පෙරේදා (15 වැනිදා) සිදු කළ වැටලීමට පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තු (වයඹ) නිලධාරීන් ද එක්ව සිට ඇති අතර පරිවාසගත කළ පහළොස්හැවිරිදි දැරිවියකට දාව මාස හතරක දරුවකු සිට ඇත.

උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත කුරුණෑගල පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂිකා ඉන්දිකා දැල්කදුර, උප පොලිස් පරීක්ෂක රූපසිංහ, කාන්තා සැරයන් ඉරෝෂනී (5066), කා. සැරයන් 5(605,) කා. කොස්තාපල් උඩුරාවණ (87775) නිලධාරිනියන් මීට එක්ව සිටියහ.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment