කොළඹ කොටි සැමරුම විරෝධතා මැද නවතී

254

යුද්ධයෙන් මියගිය දෙමළ වැසියන් සමරන මුවාවෙන් ඊයේ (18 දා) කොළඹ බොරැල්ල ප්‍රදේශයේදී පැවැති කොටි ත්‍රස්තවාදීන් සැමරීමේ සමරු උත්සවයට සිංහල රාවය සංවිධානයේ සාමාජිකයන් පිරිසක් කඩා වැදී දැක්වූ විරෝධය හේතුවෙන් එම සැමරුම අසාර්ථක විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමානික්කම් ප්‍රධාන පිරිසක් මෙසේ කොළඹදී කොටි සමරු උත්සවයක් පවත්වා පහන් දැල්වීමට සූදානම් වූ අවස්ථාවේ සිංහල රාවය පිරිස එයට විරෝධය දක්වමින් එහි පැමිණ ඇත.

ඒ අවස්ථාවේ දෙපිරිස අතර ගැටුමක් ඇති නොවන අන්දමින් දෙපාර්ශ්වය දෙපසට කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.

මෙහිදී එල්ලවූ විරෝධය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමානික්කම් පහන් දැල්වීම පසෙක තබා එම ස්ථානයෙන් පිටව ගිය බව සිංහල රාවය ්සංවිධායක මධුභාෂණ ප්‍රභාත් මහතා පැවසීය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment