පිස්සු බල්ලෙකු හදා ගත්තැයි ප්‍රංශ ජාතිකයෙක් අත්අඩංගුවට

105

පිස්සු රෝගය වැළඳී සිටි සුනඛයකු ඇති දැඩි කිරීම සම්බන්ධයෙන් ප්‍රංශ ජාතිකයෙකු ඊයේ (2 දා) දහවල් අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙන්තොට, අංගාගොඩ, ස්වර්ණපාය ලිපිනයේ පදිංචි එරික් මාර්ෂල් බර්නාඩ් නමැති 84 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.

සැකකරු විසින් ගෙඩ්ඩෙන් සුනඛ වර්ගයට අයත් අවුරුදු 7 ක් පමණ වයසැති ලකී නමැති බැල්ලියක සුරතලයට ඇති දැඩි කර ඇති අතර, බැල්ලිය ඉකුත් 23 දා පුද්ගලයන් පස් දෙනකු සහ සුනඛයන් තිදෙනකු සපා කා තිබුණි.

එම බැල්ලිය ඉකුත් 26 දා හදිසියේ මියගොස් ඇති අතර, සුනඛ හිස බොරැල්ල පරීක්‍ෂණ ආයතනයට යොමු කිරීමෙන් පසු කළ පරීක්‍ෂණවලදී සුනඛයාට ජලභීතිකා රෝගය වැළඳී ඇති බවට හවුරුව තිබේ.

සුනඛයා සපා කෑම සම්බන්ධයෙන් අලුත්ගම, කළුවාමෝදර ප්‍රදේශයේ පදිංචි වෙඩික්කාරගේ නීල් ප්‍රියනන්ද යන අය විසින් පැමිණිල්ලක් කර තිබූ බවද පොලිසිය පවසයි.

ඒ අනුව සැකකාර ප්‍රංශ ජාතිකයා ඊයේ (2 දා) දහවල් පොලිසියට කැඳවා පරීක්‍ෂණ සිදුකිරීමෙන් පසු වරද කියාදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

සැකකාර ප්‍රංශ ජාතිකයා කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක පියන්ත කුමාර අත්තනායක මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක හෙට්ටිආරච්චි ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ සිදුකරති.
ආර්. ඒ. එස්. ප්‍රේමතිලක-බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment