මගේ ප්‍රකාශය වෙනසක් නෑ සජිත් ජනපතිවරණයට එන්නේ නෑ – රංගෙ බණ්ඩාර කියයි

148

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එළැඹෙන ජනාධිපතිවරණයටත් ඉදිරිපත් වන්නේ නැතැයි තමා කළ ප්‍රකාශය වෙනසක් නොවන බව එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා ඊයේ (04 දා) පැවැසීය.

ඔහු එක් වරක් කරු ජයසූරිය මහතා බිල්ලට තියලා පක්‍ෂයේ නායකයා තෝරන වෙලාවේ පැත්තකට වුණා. දෙවැනි පාර පාර්ලිමේන්තුව තුළ ජන්දයේදී ඩලස් අලහප්පෙරුම මහතාව ඉදිරියට දාල පැත්තකට වුණා. තුන්වැනි වතාවෙත් ඒකම කරන බව ඉතා වගකීමෙන් මා ප්‍රකාශ කරනවා යැයි සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (04 දා) පැවැති මාධ්‍ය හමුවේදී රංගෙ බණ්ඩාර මහතා පැවැසීය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය. රනිල් වික්‍රමසිංහ මහතා සමග ජනාධිපති අපේක්‍ෂකයා විදියට සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වන්නේ නැහැ. ඩලස් අලහප්පෙරුම කියන්නේ මහින්ද මහත්තය එක්ක ආණ්ඩු කරපු කෙනෙක්. උගන්ඩාවේ හෝ වෙනත් රටවල මුදල් දැම්මයි කියන පාර්ශ්ව එක්ක සන්ධාන ගහල සජිත් ප්‍රේමදාස මහතා ගමනක් යන්න හදනවා නම් තව පාරක් හිතල බලන්න කියලා මම කියනවා.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment