කෝට්ටේ නගරසභා කම්කරුවා කුඩු හා අයිස් සමග මාට්ටු… රු. හත්ලක්ෂ පනස්දාහක් සොයාගනී

522

කෝට්ටේ නගර සභා සේවකයන්ට හා කටුනායක ගුවන් තොටුපළ සේවකයන්ට මත්ද්‍රව්‍ය සැපයූ කෝට්ටේ නගර සභාවේ කම්කරුවකු රුපියල් හත්ලක්ෂ පනස්දාහක මත්ද්‍රව්‍ය සමග වැලිකඩ පොලිසියේ දූෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 100 ක් හෙරොයින් ග‍්‍රෑම් 3 යි මිලිග‍්‍රෑම් 100 ක් සැකකරු සන්තකයේ තිබී සොයාගත් බව පොලිසිය කියයි.

වැලිකඩ පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් රංජිත් මහතාට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී මොරගස්මුල්ල හන්දියට යාබද ති‍්‍රරෝද ගාලක් තුළදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේ දී තමන් කෝට්ටේ නගර සභාවේ කම්කරුවකු බවත් මත්ද්‍රව්‍ය අලෙවි කරන ගමන් පාවිච්චි කිරීමටත් පුරුදු වී සිටින බවත් උපයන ලාභය මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමට යොමු කරන බවත් පොලිසිය පවසා ඇත.

කෝට්ටේ නගර සභා සේවකයන්ට අමතරව කටුනායක ගුවන් තොටුපළ සේවකයන් සඳහාත් මත්ද්‍රව්‍ය අලෙවි කරන බව පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පාපොච්චාරණය කර තිබේ.

සතියකට සැරයක් කටුනායක ගුවන් තොටුපළ නියෝජිතයකු පැමිණ සේවකයන් සඳහා අවශ්‍ය මත්ද්‍රව්‍ය රැුගෙන යන බවත් හෙතෙම පොලිසියට ප‍්‍රකාශකර තිබේ.

වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති වසන්ත කෝරළගේ මහතාගේ උපදෙස් මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පො. සැ. රංජිත් ඇතුළු නිලධාරීන් පිරිසක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඇන්ටන් ප‍්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment