ගාසා තීරයේ ලොකුම රෝහලට අවසන් නිවේදන

785


හමාස් අන්තවාදීන්ට එරෙහිව එල්ල කරනු ලබන ප්‍රහාරයන් හේතුවෙන් ගාසා තිරයේ තිබෙන විශාලතම රෝහලේ සිටින සියලු‍ රෝගීන් හා කාර් ය මණ්ඩල සාමාජිකයන් වහාම ඉවත් කරගන්නා ලෙස ඊශ්‍රායල හමුදාවන් විසින් සිදු කරන ලද ඉල්ලීම ඉටු කිරීම පලස්තීන රෙඩ් ක්‍රෙසන්ට් සංවිධානය ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි .
ගාසා තිරයේ ”‍ටල් -අල් හවා ”‍ ප්‍රදේශයේ තිබෙන විශාලතම රෝහල වන අල් ක්විඩ්ස් රෝහලේ සිටින සියලු‍ රෝගීන් හා කාර් ය මණ්ඩල සාමාජිකයන් ඉවත් කරගන්නා ලෙස ඊශ්‍රායල හමුදාවන් විසින් දැනුම් දී ඇත්තේ රෝහල අවට තිබෙන හමාස් අන්තවාදීන්ගේ ඉලක්ක වෙත දිගින් දිගටම ඊශ්‍රායල හමුදාවන් විසින් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් එම ප්‍රහාරයන්ගෙන් එම රෝහලටද හානි සිදු විය හැකි නිසා බව විදෙස් මාධ්‍ය පවසයි ,

advertistmentadvertistment
advertistmentadvertistment