චිත‍්‍රපට නොලැබීමෙන් සිනමා උළෙල කල් යයි

91

චිත‍්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සංසදය විසින් පැවැත්වීමට සැළසුම් කළ සිනමා උළෙල ඇති වූ අර්බුදයක් හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දමා ඇත. දීර්ඝ කාලයක් චිත‍්‍රපට ප‍්‍රදර්ශනය නොවීම නිසා සිනමා ශාලා වලට පේ‍්‍රක්ෂකයන් ඇද ගැනීමේ උත්තේජනයක් ලෙස ඉදිරියේදී ප‍්‍රදර්ශනය වීමට නියමිත උසස් සිනමා නිර්මාණ හතක් මෙම සිනමා උළෙලේදී ප‍්‍රදර්ශනය කිරීමට යොජනා වී තිබිණ. ඒ පිළිබඳ අවසන් තීරණය ගැනීම සඳහා ඉකුත් සතියේ සිනමා අධ්‍යක්ෂකවරුන්ගේ සංසදය රැස් වූ අවස්ථාවේදී සිනමා උළෙලේ ප‍්‍රදර්ශනයට යෝජිත සිනමා නිර්මාණ තුනක් එහි නිෂ්පාදකවරුන් විසින් ලබා දීමට අකමැත්ත ප‍්‍රකාශ කිරීම නිසා නොවැම්බර් මස අගදී පැවැත්වීමට තිබූ සිනමා උළෙල කල් දමා ඇති බව තතුදත් ආරංචි මාර්ගවලින් ‘දිවයින’ට වාර්තා වේ.

මෙම අර්බුදයට හේතු වී තිබෙන්නේ ඊ. ඒ. පී. මණ්ඩලයේ ඉදිරියේදී ප‍්‍රදර්ශනය වීම සඳහා ගිවිසුම් අත්සන් කර තිබෙන සිනමා නිර්මාණ උළෙලට නොලැබීම නිසා බව වාර්තා වේ.

 – තිස්ස

advertistmentadvertistment
advertistmentadvertistment