ජංගම කුඩු රිය අල්ලයි

621


ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් මත්කුඩු අලෙවි කළ පුද්ගලයෙකු එම ත්‍රීරෝද රථයත් සමග ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ ( 28දා) පස්වරුවේ වත්තල -හැදල මාර්ගයේ පාලම අසලදී අත් අඩංගුවට ගෙන ඇත.

මොහු මත්කුඩු අලෙවි කිරීම සදහා ඇලකන්ද පුදේශයේ සිට වත්තල නගරයට ත්‍රීරෝද රථයෙන් පැමිණමින් සිටින බවට ලද තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදී අයිස් මත් දව්‍ය ගැම්ස් 04 යි මිලි ගැමිස් 440 ක් , කේරල ගංජා කිලෝ ගැමිස් 01 යි මිලි ගැමිස් 90 ක් , මත්කුඩු වල බර කිරන ඩිජිටල් කුඩා තරාදියක් හා ජංගම දුරකථනයක් සමග ඔහු විශේෂ කාර්ය බලකාය භාරයට ගැනීමට හැකිව තිබේ.

තවද මොහු ළග තිබි මත්කුඩු අලෙවි කිරීමෙන් උපයා ගන්නා ලද රුපියල් දාහතර දහස් නවසීයක මුදලක් සොයා ගැනීමට ද හැකිව ඇති අතර මොහු වත්තල , මාබෝල , මීගමු පාරේ පදිංචි 40 වන වියේ පසුවන පුද්ගලයෙකු වන අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ගෙන යයි.

advertistmentadvertistment
advertistmentadvertistment