ජනාධිපතිගේ මැජික් මැවිල්ල කොහොමද?

283

ලංකාව ඉහළම මන්දපෝෂිත දරුවන් ඉන්න රටක් බවට පත්වෙලා!
පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහා ලොකු මැජික් එකක් මැවෙනවා කිව්වත් ඒ වෙනුවට ඉහළම මන්දපෝෂිත දරුවන් ඉන්න රටවල් කිහිපය අතරට මේ මොහොත වන විට ශ්‍රී ලංකාව පත්වෙලා හමාර යැයි බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (06) පැවති මාධ්‍යය හමුවේදී හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

මේරටේ තියෙන දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ පහුගිය අතුරු අයවැය යෝජනාව තුළින් වත්මන් මුදල් අමාත්‍යවරයා විදිහට රනිල් වික්‍රමසිංහ ගෙනාපු යෝජනා ගැන ජනතාව අවධානයෙන් බලාගෙන ඉන්නවා. මෙහි සුවිශේෂී කාරණාව තමයි මේ රටේ ආහාර සුරක්ෂිත භාවයක් නැහැ කියන කාරණාව අද ජාත්‍යන්තර ලෝක ආහාර සංවිධානය විසින් ප්‍රකාශ කරලා තියෙනවා. හදිසි ආහාර අවශ්‍යතාවයක් තියෙන පිරිස විදිහට හඳුනාගෙන 61000කට සහනයක් සලස්වනවා කියන යෝජනාවක් ඉදිරිපත් කරලා. බැලූ බැල්මට පේනවා මේ ආණ්ඩුව රටේ ප්‍රශ්නයට යම්කිසි මැදිහත් වීමක් වෙලා තියෙනවා කියලා. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයා හෝ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු ඒ යෝජනාවලිය සකස් කරපු කණ්ඩායම දන්නේ නැහැ එක්කෝ දැනගෙන හෝ හිතා මතා හෝ මග ඇරලා තියෙනවා ලෝක ආහාර සංවිධානය කියන මේ රටේ ජීවත්වෙන පුරවැසියෝ දහ දෙනෙක්ගෙන් තුන් දෙනෙකුට ආහාර සපයා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියලා. එය සමස්ත රටේ ජනගහනයෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක්. ලක්ෂ 63 ක ජනතාවක් ආහාර අර්බුදයක ඉන්න වෙලාවේ 61000ක් වෙනුවෙන් යම් සහනයක් තාවකාලිකව සැපයීමට ගෙන තිබෙන තීරණය ප්‍රමාණවත්ද? එය ග්‍රාම නිලධාරී වසම් වලින් බැලුවොත් හතරදෙනයි. සරලව කල්පනා කරලා බැලුවොත් ග්‍රාම නිලධාරී වසම හතර දෙනාද ඒ අර්බුදයේ ඉන්නේ. එහෙම නම් මේ අරබුදයේ දිග පළල තේරුම් අරගෙන කටයුතු කිරීමක් කරන්නේ නැහැ. ලෝක හා ආහාර සංවිධානය අනතුරු අඟවනවා අවුරුදු පහට අඩු දරුවෝ මන්දපෝෂණයෙන් පෙලෙන දරුවෝ වැඩිපුරම ඉන්න ලෝකයේ ඉහළම මන්දපෝෂිත දරුවන් ඉන්න රටවල් කිහිපය අතරට මේ මොහොත වන විට ශ්‍රී ලංකාව පත්වෙලා තියෙනවා.

හැබැයි පොදු සාම්ප්‍රදායික අයවැය ලේඛනයක් මගින් බලය තහවුරු කරන්න උත්සාහ කරන වික්‍රමසිංහ මහත්තයා මේ කිසිම දෙයක් තැකීමට ලක් කරලා නැහැ. ජ්‍යාතන්තර සංවිධාන මේ පිළිබඳ දැඩි අවධානයකින් ඉඳලා මේ රටේ ජනතාව අද පත්වෙලා තියෙන තත්ත්වය පිළිබඳව හෙළිදරව් කරලා තියනවා. ඒ නිසා අපි කියනවා වික්‍රමසිංහ මහත්තයට හැමදාම කරා වගේ මේ දේශපාලන මුලාවක් තුළින් මේ රට පාලනය කරගෙන යන්න බැහැ මේ මොහොතේ දැඩි ආර්ථික සමාජීය දේශපාලන අර්බුදයක් මේ රටේ උඩු දුවලා තියෙන වෙලාවේ ඒ අර්බුදය භාවිතා කරනවා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා තමන්ගේ බලය තහවුරු කරගැනීම වෙනුවෙන්. ඒ අර්බුදය තුළින් ඇති වන පීඩනය භාවිතා කරනවා ඔළුගෙඩි තමන්ගේ ළඟට එකතු කරගෙන මේ බලය තහවුරු කරගැනීම වෙනුවෙන්.

අද එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සරය. අපි දැක්කා ලොකු කැම්පේන් එකක් කරනවා 76 වැනි සංවත්සරය සමරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති වරයෙක් යටතේ කියලා. හැබැයි අපේ පරණ සගයන්ට මතක් කරලා දෙනවා මේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයෙක් නෙමෙයි මේ ඉන්නේ පොදුජන පෙරමුණේ ජනාධිපතිවරයෙක්. ඒ යටතේ එක්සත් ජාතික පක්ෂය සංවත්සරය සමරනවා කියන එක මතක තියා ගත්තට කමක් නෑ. ඔබතුමාලා මොන සංවත්සරය සැමරූවත් අද බැසිල් රාජපක්ෂගේ රූකඩයක් බවට රනිල් වික්‍රමසිංහ මහත්තයා පත්වෙලා ඉන්නවා කියන එක අමතක කරන්න එපා.

මේ අතුරු අයවැය තුළ එතුමා කියන විදිහට රටේ ආර්ථික දේශපාලන අර්බුදයට උත්තර හොයනවා කිව්වා ආර්ථික අර්බුදය ගැන කිසිම කතාවක් නැහැ. තියෙන එකම දේ සුපුරුදු විදියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන විතරයි.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment