ජනාධිපති අභියෝග කුසලාන අවසන් සටන අනිද්දා

104

“ජනාධිපති අභියෝග කුසලාන” පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ තීරණාත්මක අවසාන මහා සටන බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල අතර අනිද්දා 10 (ඉරිදා) ප. ව. 04.15ට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙවර අවසාන තරගය කොළඹ රීඩ් මාවතේ පිහිටි රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණ භූමියේ දී පැවැත්වීමට කලින් සැලසුම් කර තිබුණද පසුව එම තීරණය වෙනස් කෙරිණි.

මෙවර ලීග් ශූරතා කුසලානය දිනා ගත් ශාන්ත පීතර විදුහල සහ ඉකුත් වර ජනාධිපති අභියෝග කුසලාන ජයග්‍රහණය කළ ඉසිපතන විදුහල අතර ක්‍රියාත්මක කෙරෙන මෙවර අවසාන මහා තරගය ආරම්භයේ සිට අවසානය දක්වාම අතිශය තියුණු හා උණුසුම් මුහුණුවරක් ගනු නොඅනුමානය.

“ජනාධිපති අභියෝග කුසලාන” වෙනුවෙන් මෙතෙක් පැවති තරග ඉතිහාසය තුළ වැඩිම වතාවක් ජයග්‍රහණය කරමින් වැඩි ගෞරව හිමිකර ගැනීමට ඉසිපතන විදුහල සමත්ව සිටී. ඔවුන් ලත් ජයග්‍රහණ සංඛ්‍යාව 11කි. වර්ෂ 07 ක් “ජනාධිපති අභියෝග කුසලාන” බම්බලපිටියට රැගෙන යෑමට ශාන්ත පීතර විදුහලට හැකියාව ලැබිණි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment