ජර්මනියේ කොරෝනා සීමාවන්ට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණ

148

ජර්මනියෙන් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ‍්‍රයෙන් ඉහළ යමින් පැවතියදී කොරෝනා එන්නත් ලබාගැනීම අනිවාර්ය කිරීම ඇතුළු රට තුළ ක‍්‍රියාත්මක කර ඇති කොරෝනා මර්දන සීමාවන්ට එරෙහිව 70,000කට අධික සංඛ්‍යාවක් ජර්මනියේ ප‍්‍රධාන නගර හතරක පසුගිය දිනවල උද්ඝෝෂණ පවත්වා තිබේ .බර්ලින් ,කලෝන් ,කොට්බස් හා රොස්ටොක් යන නගරවල වීථිවලට එක්රොක් වී ඇති පිරිස මෙසේ උද්ඝෝෂණ පවත්වා ඇති අතර ඒවාට සහභාගිවූවන්ගෙන් බහුතරය මුහුණු ආවරණ (මාස්ක්) පැළඳ නොසිටි අතර සමාජ දුරස්ථභාවයක් පවත්වාගෙන යෑමක් ද දක්නට නොලැබුණු බව වාර්තා වේ.

 මේ අතර ජර්මනියෙන් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ (19 දා) ප‍්‍රථම වරට ලක්ෂය ඉක්මවා ගියේය. මේ අනුව ඊයේ උදෑසනින් අවසන් වූ පැය 24 ක කාලය තුළ ජර්මනියෙන් කොරෝනා ආසාදිතයන් එක්ලක්ෂ දොළොස්දහස් තුන්සිය විසිතුන් දෙනකු වාර්තා වී තිබිණි. ඔමික්‍රොන් වෛරස් ප‍්‍රභේදය හේතුවෙන් ජර්මනිය ඇතුළු රටවල් ගණනාවකම දෛනික කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් ඇති අතර රෝහල්ගත කෙරෙන සංඛ්‍යාව ද ක‍්‍රමයෙන් ඉහළ යමින් පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment