ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පතිවරු තිදෙනෙක් පත් කරයි

2799

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබේ.පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර , අපරාධ දිසාව භාර ව සිටි නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ. කරවිට සහ මාතර හා හම්බන්තොට දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති එස්.ඩබ්ලිව්.එම්. සේනාරත්න යන මහත්වරු මෙලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment