ජාත්‍යන්තර රොටරි සමාජයට ජනපති රනිල්ගේ පැසසුම්

80

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජාත්‍යන්තර රොටරි සමාජයේ සභාපතිනි ජෙනිෆර් ජෝන්ස් (Jennifer Jones) මහත්මිය පිළිගැනීමේ උත්සවයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 14 දා පස්වරුවේ කොළඹ ෂැංග්‍රිල්ලා හෝටලයේ දී පැවැත්විණි.

ලෝකයේ රටවල් 210ක සාමාජිකත්වය දරණ ජාත්‍යන්තර රොටරි සමාජය ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය අගය කළ ජනාධිපතිවරයා ජාත්‍යන්තර රොටරි සමාජයේ ප්‍රථම කාන්තා සභාපතිනිය වූ ජෙනිෆර් ජෝන්ස් මහත්මිය වෙත සිය සුබ පැතුම්

පිළිගැන්වීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන්ම නිර්මාණය කළ විශේෂ චිත්‍රයක් ජෙනිෆර් ජෝන්ස් මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත

පිළිගැන්වූවාය. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රොටරි දිස්ත්‍රික් අධිපති පුබුදු ද සොයිසා යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment