ජාතික හැඳුනුම්පත් ගාස්තු ඉහළට

126

ජාතික හැඳුනුම්පත් වෙනුවෙන් අයකරනු ලබන ගාස්තුව සංශෝධනය කර ඇත.

ඒ අනුව ජාතික හැඳුනුම්පතක සහතික පිටපතක් සඳහා වන ගාස්තුව රුපියල් 1000 ක් විය යුතු බව දන්වමින්, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ඊයේ (26දා) ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ජාතික හැඳුනුම්පත් පිළිබඳ විස්තරවල සත්‍යතාව සහතික කිරීම සඳහා වන ගාස්තුව මාර්ගගත ක්‍රමවේදය හරහා ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක රුපියල් 25 ක් ලෙසත් භෞතික ලේඛන මගින් හෝ කොමසාරිස් ජනරාල්වරයා හට පිළිගත හැකි ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් හරහා ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක රුපියල් 500 ක් ලෙසත් අය කිරීමට නියමිතය.

මීට අමතරව ජාතික හැඳුනුම්පත් ඡායාරූප ශිල්පියකු වශයෙන් ලියාපදිංචි කිරීමේදී අයකරනු ලැබූ රුපියල් 10,000 ගාස්තුව රුපියල් 15,000 ක් දක්වා සංශෝධනය කර තිබේ.

එසේම ලියාපදිංචි සහතිකය නැවත අලුත්කිරීම සඳහා වාර්ෂික ගාස්තුව ලෙස පැවති රුපියල් 2000 ක මුදල රුපියල් 3000 ක් ලෙස ඉහළ දමා ඇත.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment