ජීවිතාන්ත සිර දඩුවම් නියමවූ වැලිකඩ 12 ක් වහල මත විරෝධතාවක – මරණ දඩුවම් නියමවූවෝ ආහාර වර්ජනයක

248

ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමව සිටින රැුඳවියන් 12 දෙනෙක් තම ද`ඩුවම් කාලය අඩුකරන ලෙස බලකරමින් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී ඊයේ (20 දා) විරෝධතාවක් ආරම්භ කළහ. මීට සමගාමීව මරණ ද`ඩුවම නියමව සිටින රැුඳවියෝ ආහාර වර්ජනයක බිම සිට නිරත වූහ.

දීර්ඝ කාලයක සිට මරණ දණ්ඩනය නියමව සිටින රැඳවියන් සඳහා ජීවිතාන්තය දක්වා සිරද`ඩුවම් ලබාදෙන ලෙසද ජීවිතාන්තය දක්වා සිරදඩුවම නියමව සිටින රැුඳවියන්ට වසර 20 කින් පසු නිදහස ලබාදෙන ලෙසද ඔවුහු ඉල්ලා සිටියහ.

පසුගිය වෙසක් පොහෝ දිනු ජනාධිපති සමාව යටතේ දේශපාලනඥයකු නිදහස් කිරීමෙන් පසු අනෙකුත් රැඳවියන්ද තමන්ට ලබාදී තිබෙන ද`ඩුවම් කාලය අඩුකරන ලෙස ඉල්ලීම් කර තිබිණි.

එහිදී ජනාධිපතිවරයා සමග සාකච්ඡුා කර විසඳුමක් ලබාදීමට කටයුතු කරන බවට බලධාරීන් ප‍්‍රකාශ කළත් මෙතෙක් විසඳුම් නොලැබීම නිසා මෙම විරෝධතාව ආරම්භ කර ඇතැයි බන්ධනාගාර අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment