තරබාරුව පාලනයට නොකා සිටීම හොඳ නැත

372

බොහෝ මැදිවියේ අය කරන්නේ තමා දවසේ ගනු ලබන ආහාර වේල් තුනෙන් එක් වේලක් අඩු කිරීමය. ඔවුන් සිතා සිටින්නේ නොකා සිටිවිට සිරුර කෙට්ටු කර ගැනීම පහසු බවය. ආහාර ගැනීම අධික ලෙස සීමා කිරීම මගින් සිරුර කෙට්ටු වන්නේ පෝෂණය අඩුකම නිසා ය. එය සිරුරට හොඳ නැත. මෙවැනි තත්ත්වයකට පවසන්නේ කෘෂ වීම හෙවත් වැහැරීම කියාය. මෙහිදී සම දුර්වර්ණ වේ. ඇස් යට කළු වේ. සිරුරේ ප්‍රතිශක්තිය දුර්වල වී යයි.

බොහෝ දෙනෙක් තමුන්ගේ සිරුර ලස්සනට තබා ගැනීමට උනන්දු වන්නේ තරුණ කාලෙදි විතරයි. මැදිවියට පත්වනවිට ඒ ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. විශේෂයෙන්ම සිරුර මහත් වනවිට ඒ ගැන වැඩිපුර හිතන්නේ නැහැ. මෙවැනි අවස්ථාවලදී බොහෝ මැදිවියේ අය කරන්නේ තමා දවසේ ගනු ලබන ආහාර වේල් තුනෙන් එක් වේලක් අඩු කිරීමය. ඔවුන් සිතා සිටින්නේ නොකා සිටිවිට සිරුර කෙට්ටු කර ගැනීම පහසු බවය. ආහාර ගැනීම අධික ලෙස සීමා කිරීම මගින් සිරුර කෙට්ටු වන්නේ පෝෂණය අඩුකම නිසා ය. එය සිරුරට හොඳ නැත. මෙවැනි තත්ත්වයකට පවසන්නේ කෘෂ වීම හෙවත් වැහැරීම කියාය. මෙහිදී සම දුර්වර්ණ වේ. ඇස් යට කළු වේ. සිරුරේ ප්‍රතිශක්තිය දුර්වල වී යයි.

තරබාරුව පාලනය

තරබාරුකම (obecity) ඇති වීමට බලපාන හේතු කිහිපයක් තිබේ. ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ පිෂ්ඨය සහ මේදය අධික ආහාර වර්ග වැඩිපුර ගැනීම සහ ව්‍යායාමවලින් තොර ජීවිතයක් ගත කිරීමය. ඊට අමතරව සිරුරේ හෝමෝන ගැටලු, ආරෙට යෑම ද බලපායි.

තමාගේ තරබාරු බව කොතරම් ප්‍රමාණයකින් තිබේදැයි කියා වටහාගත හැක්කේ තම සිරුරේ උසට සරිලන අයුරින් තිබිය යුතු බර ප්‍රමාණය (BMI) මැන ගැනීමෙනි. ඒ අනුව තම සිරුරේ වැඩි වී ඇති බර ප්‍රමාණය අඩු කරගත යුත්තේ සතියකට ග්‍රෑම් 225ත් 425ත් අතර ප්‍රමාණයකින් බව ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතියයි.

ඒ සඳහා ආහාර පාලනය, ව්‍යායාම කිරීම, චීන කටු වෛද්‍ය ප්‍රතිකාර (Acupuncture) ආදිය භාවිත කළ හැකිය.

මෙලෙස ක්‍රමවත්ව බර අඩු කිරීම මගින් මුහුණේ, බෙල්ලේ, අත්පාවල උදරයේ, පියයුරුවල එල්ලා වැටෙන අයුරින් වර්ධනය වී තිබූ මේද තට්ටුව ක්‍රමානුකූලව දිය කර හරිමින් බර අඩු කිරීම කළ හැකිය. එවිට සිරුර අවලස්සන වීමකින් තොරව තරබාරුව අඩු වේ.

චීන කටු ප්‍රතිකාරය

සිරුරේ අධිකව පවතින බර අඩු කිරීමට චීන කටු ප්‍රතිකාර ක්‍රමය ද භාවිත කළ හැකියි. මෙහිදී සිදු කරන්නේ මේදය දහනය කිරීමේ ප්‍රතිකාරයකි. ඇතැම් අයට ආහාර පාලනය සහ ව්‍යායාම මගින් පමණක් සිරුරේ බර අඩු කර ගැනීමේ අපහසුය. එහිදී චීන කටු වෛද්‍ය ප්‍රතිකාරය ද ඒ සඳහා යොදාගත හැකිය.

මෙම ප්‍රතිකාර ක්‍රමයේදී අධිකව ඇති වන ආහාර රුචිය අඩු කිරීමට අදාළව සිරුරේ ඇති නිල උද්දීපනය සහ මේදය දහනය ක්‍රමවත්ව සිදුවීමට අදාළ නිල උද්දීපනය කරනු ලබයි.

චීන කටු ප්‍රතිකාර ක්‍රමයට අනුව තරබාරුව ඇති කරන නිල කිහිපයක් හඳුනාගෙන ඇත. එම නිල අතර Baihui (Du20), Zhongklan (Ren 12) Tianshu (St 25) Daheng (Sp 15) Skenmen (H-7) Zusanli (St 36) Qihai (Ren6) යන නිල ස්ථාන තෙරපුමට ලක් කිරීම මගින් තරබාරුව අඩු කළ හැකිය.

මෙම නිල තෙරපුම සඳහා චීන කටු (Press Needle) විද්‍යුත් උත්තේජක යන්ත්‍ර (Electric Stumulater) කොස්මැටික් ඇපරේටර් යන්ත්‍ර ආදිය යොදා ගනු ලබයි.

මෙම ප්‍රතිකාරය සතියකට දින 02 ක් බැගින් දින 15 ක් වැනි කෙටි කාලයක් ලබා ගැනීමෙන් තරබාරුව අඩු කරගත හැකියි.

එසේම මෙම ප්‍රතිකාර මගින් තරබාරුව නිසා දුර්වර්ණ වූ සමේ පැහැය ද යළි පැහැපත් වේ. සමේ මතුවී තිබූ රැලි වැටුණු බව නැති වේ.

චීන කටු ප්‍රතිකාරයේදී බෙහෙත් වර්ග පානයට නොදේ. ඒ නිසා සිරුරේ අභ්‍යන්තරයට කිසිදු බලපෑමක් සිදු නොවේ. කෙසේ නමුත් මෙම ප්‍රතිකාර ක්‍රමය සිදු කරන විටදී ද අධික මේදය සහිත සහ පිෂ්ඨය අධික ආහාර වර්ග ගැනීම සීමා කළ යුතුය. ඒ සඳහා නිසි පාලනයකින් යුතු ආහාර වට්ටෝරුවකට අනුව ආහාර ගත යුතුය.

චීන කටු ප්‍රතිකාර ක්‍රමයේ ඇති විශේෂත්වයක් වනුයේ ආරෙට මහත් වන අයගේ තරබාරුව ද පාලනය කළ හැකි වීමය. මෙවැනි බොහෝ දෙනෙක් පවසන්නේ ආහාර පාලනය මගින් හෝ තම තරබාරුව පාලනය කරගත නොහැකි බවය. එහි සත්‍යයක් පවතී. ඒ නිසා ඔවුනට නිල තෙරපුම මගින් තරබාරුව පාලනය කළ හැකිය.

වැඩි විස්තර සඳහා දුරකථන අංක 0714299777 ඇමතිය හැකිය.

තරබාරුව පාලනයට නොකා සිටීම හොඳ නැත

කළුබෝවිල ද සිල්වා පාර
ජය සමගි මාවත
කළුබෝවිල චීන කටු
වෛද්‍ය සායනයේ අධ්‍යක්‍ෂ සහ වෛකල්පිත ජාත්‍යන්තර විවෘත විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ
වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment