සයිමන් සහ රැපියල් එකම ගමේ පදිංචිකරුවන්ය. දෙදෙනා කලක් තිස්සේ බාස්වරුන් සමඟ අත්වැඩ කළ පළපුරුදු ගෝලයෝය. කාලයත් සමඟ මේසන් හැන්ද අතට හුරු කරගත් දෙදෙනා පොඩි පොඩි වැඩ භාර ගත්තේ වැඩ කරන ගමන් වැඩ ඉගෙන ගත හැකි නිසාය.
බේරුවල ප‍්‍රදේශයේ ගෙවල්වල පොඩි පොඩි වැඩ කළ දෙදෙනා කා අතරත් ප‍්‍රසිද්ධ වූයේ මකබාස්වරු ලෙසිනි. හේතුව ඒ වැඩ චාට් මාට් ඒවා වූ නිසාය.
ඉකුත්දා ඔවුන්ට ලැබී තිබුණේ ගෙයක් වටා බ්ලොක් ගල් වලින් තාප්පයක් බැඳීමටය.
‘‘රැපියල් හෙට අර අලුත් වැඬේ පටන් ගන්න වෙනවා. අදත් උදේ ආවා. මේ තාප්පෙ අදම ඉවර කරමු’’ දවල් ආහාර ඉක්මනින්ම ගත් දෙදෙනා එක දිගට තාප්පය බැඳගෙන ගියේ සවස පහට හයටවත් වැඬේ ඉවර කිරීමේ අදහසිනි.
‘‘තව පොඩ්ඩයි රැපියල් කීවේ බුලත් කෙළ පහරක් ගසා වතුර ගෙන කට හෝදන අතරතුරය.
‘‘මළ කෙළියයි. තාප්පෙ වැටෙන්නයි යන්නේ’’ සයිමන් අත හිසේ ගසාගත්තේය.
‘‘රැපියල් මෙහෙට වරෙන් මෙන්න මේ තාප්පෙ මෙතනින් අල්ලගෙන හිටපන්. මම ටක් ගාල නෝනගෙන් සල්ලි අරන් එන්නම්’’ සයිමන් හනි හනික නිවසේ හිමිකාර මැදි වයසේ නෝනාගෙන් අන්තිම ගනුදෙනුව ද ගෙන පාපැදිය අසලට ආවේ රැපියල්ට අතින් සංඥාවක් ද දෙන ගමන්ය.
දෙදෙනා අඩුමකුඩුමත් ගෙන නිවසේ ගේට්ටුවෙන් එළියට ගියා පමණි.
මුළු තාප්පයම බිම පතිත වී ගියේ මහා හඬක් නංවමිනි.
යමන්… යමන් පාපැදියේ නැගුන දෙදෙනා ඉගිලී ගියේ ඊගහක වේගෙනි.
- පේ‍්‍රම්