ගණේමුල්ලේ සංජීවගේ කල්ලියේ රොෂාන් ගුවන්තොටේදී දැලේ

58

මෙරට ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයකු බව කියන ගණේමුල්ලේ සංජීවගේ කල්ලියේ ප්‍රබල සාමාජිකයකු බව කියන රොෂාන් චාතුර්ක නමැත්තා සාජා නුවර සිට

ශ්‍රී ලංකාවට පැමිණෙද්දී කටුනායක ගුවන්තොටුපොළේදී ඊයේ (01 වැනිදා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

කටුනායක ගුවන් තොටුපොළේ ආගමන විගමන නිලධාරීන් විසින් සිය භාරයට ගත් පාතාල ප්‍රබලයා පසුව ගුවන්තොටුපළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාරදී තිබේ.

පාතාල ප්‍රබලයාගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා ඔහු පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත භාරදී ඇත. ගණේමුල්ලේ සංජීව විසින් සිදුකළ මිනිස් ඝාතන රැසකට මෙම පාතාල ප්‍රබලයා සම්බන්ධවී ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ. යුද හමුදාවෙන් පලා ආ සෙබළෙකු වන මොහු දක්ෂ වෙඩික්කරුවෙකි.

දුණුමාලේ සරත්, කෙහෙල්බද්දර නෙවිල් නමැති පුද්ගලයින් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු මිනිස් ඝාතන කීපයක් සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා එල්ලවී ඇති බව පොලිසිය පවසයි. ගණේමුල්ලේ සංජීව නමැති පාතාල සාමාජිකයා මේ වනවිට වීරඟුල පොලිසිය භාරයේ රඳවා සිටියි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment