තෙවැනි පාසල් වාරයේ පළමු අදියර දෙසැ. 22 තෙක්

137

දෙවැනි අදියර පෙබ. 2 ඇරැඹේ

2023 තෙවැනි පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් 22 වැනිදායින් අවසන් වී දෙවැනි අදියර 2024 පෙබරවාරි 02 වැනිදා ආරම්භ වන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

තෙවැනි පාසල් වාරය පසුගිය නොවැම්බර් 01 වැනිදා ආරම්භ වූ අතර උසස් පෙළ විභාගය 2024 ජනවාරි 04 වැනිදා සිට පැවැත්වීමට නියමිත නිසා තෙවැනි වාරය අදියර දෙකක් යටතේ පැවැත්වේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment