දකුණේ විදුලි ගැටළුව විසඳේ

996


ජාතික විදුලිබල පද්ධතිය දකුණු පළාත සමඟ සම්බන්ධ කරන සම්ප්‍රේශන රැහැනෙහි රත්නපුර සිරිපාගම ප්‍රදේශයේ ඉඩමක් හරහා දිවෙන කොටස කිසිදු වන්දියකින් තොරව රජයට පරිත්‍යාග කිරීමට ඉඩමෙහි හිමිකරුවන් වන රත්නපුර ප්‍රදේශයේ පවුලක සාමාජිකයින් විසින් අද එකගතාවය පළ කර ඇත. ලංකා විදුලිබල මණ්ඩලය හා අදාල ඉඩමෙහි හිමිකරුවන් අතර පැවති ආරවුල විසඳීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අද දෙපාර්ශවය කැඳවා තිබුණි.එහිදී මෙම එකගතාවය පළ කර තිබේ.
ඉඩමෙහි හිමිකරුවන් වන රත්නපුර ප්‍රදේශයේ පවුලක සාමාජිකයින් විසින් රටේ වත්මන් විදුලි අවශ්‍යතාව පිළිබද සැළකිල්ල දක්වමින් පොදු ජනතාවට අපහසුවක් නොවන පරිදි අඛණ්ඩ විදුලි සැපයුමකට දායක වීම සදහා මෙම එකගතාවය පළ කළ බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කරයි.
මෙම එකගතාව පිළිබද ගිවිසුමට අදාල පවුලේ සමාජිකයින් සහ ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සමථකරණ මණ්ඩලය ඉදිරිපිටදි අත්සන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment