දන්සල් පරීක්‍ෂාවට පී.එච්.අයිලා 3000 ක්

159

වෙසක් උත්සවයට සමගාමීව දිවයින පුරා පැවැත්වෙන දන්සල් පරීක්‍ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් 3000 ක් දෙනා යොදවා ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසයි.

දන්සැල් පැවැත්වීමට පෙර එය ලියාපදිංචි කිරීම අනිවාර්ය වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා “දිවයින”ට පැවැසීය.

දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු සඳහා සෞඛ්‍ය වෛi නිලධාරි කාර්යාල සූදානම් බවද හෙතෙම කීය.

දන්සැල් ලබාදෙන දිනය, ස්ථානය හා වර්ගය පිළිබඳව අවශ්‍ය උපදෙස් ලබාදීමට කටයුතු කරන බවද ඔහු කීය.

එසේම සියලු දන්සැල් වෙසක් පොහොයට පෙර දින වෙසක් පොහොය දින පොහොයට පසුදින අනිවාර්යයෙන්ම පරීක්‍ෂාවට ලක් කරන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment