දසුන්ගේ ප්‍රධානත්වයෙන් කළුබෝවිල රෝහලට ජංගම වෙන්ටිලේටරයක්

351

ශ්‍රී ලංකා සීමිත පන්දු වාර ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අනුග්‍රහයෙන් කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර අංශයට අවශ්‍යව තිබූ ජංගම වෙන්ටිලේටරයක් පසුගියදා රෝහල වෙත පරිත්‍යාග කරන්නට යෙදිණ. රුපියල් ලක්ෂ 21 ක් වටිනා මෙම වෙන්ටිලේටරය විශේෂයෙන් ශ්වසන අසීරුතාවෙන් පෙළෙන කොවිඩ් රෝගීන් සඳහා භාවිතා කරනු ලබයි.

 දසුන් ශානක විසින් අදාළ වෙන්ටිලේටර යන්ත්‍රය කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂිකා සාගරී කිරිවන්දෙණිය මහත්මිය වෙත භාර දුන් අයුරු මෙහි දැක්වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන චරිත් අසලංක, දුෂ්මන්ත චමීර හා භානුක රාජපක්ෂ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. මාධ්‍යවේදී රන්ජන් පරණවිතාන මහතා සහ කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කුෂාන් අතුකෝරළ යන මහත්වරු මෙහි සංවිධාන කටයුතු සිදු කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment