දිවයින කියූ කළු කොටියා එළි බසී

960

යාල ජාතික වනෝද්‍යානයෙන් කළු කොටියකු වාර්තා වන බවට දිවයින පෙබරවාරි 25 වැනිදා සෙනසුරාදා දින මුල් පිටුවෙන් කළ අනාවරණය සනාථ කරමින් එහි කළු කොටියකු කලඑළි බැසීමක් ඡායාරූප සාක්ෂියකින් තහවුරු කරනු ලැබ තිබේ.

වසන්ත වනිගසූරිය නමැති ඡායාරූප ශිල්පියා විසින් මෙම සුවිශේෂී ඡායාරූප සාක්ෂිය ගෙන ඇත. මීට අදාළ ඡායාරූප පෙළක් මුහුණු පොතේ සංසරණය වේ. ප්‍රවීණ පරිසරවේදීන් රැසක්ම මේ සඳහා තම අදහස් එකතු කර තිබේ. මෙම කළු කොටියා ආරක්ෂා කර ගැනීමට වහා පියවර ගන්නැයි ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.

ශ්‍රී ලංකාවේ දිවි ගෙවන, ලංකාවට ආවේණික පුල්ලි සහිත සාමාන්‍ය කොටියාගේ ම ජාන විකරණයකින් නිර්මාණ වී ඇති මෙම කළු කොටියා ද ශ්‍රී ලංකාවට පමණක් ආවේණිකයකු වන අතර, ඡ්බඑයැර ච්රාමි නදඑසහ් නම් විද්‍යාත්මක නමින් හඳුන්වනු ලැබේ.
ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment