දූෂණයට ලක්වන ස්ත්‍රීන්ට තිබූ විශේෂිත අවස්ථාව නැති කිරීමට ආණ්ඩුව දැරූ වෑයම සජබයේ හඬ නැගීමෙන් හකුලා ගත්තා

86

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හිරියාල ජන පවුරේදී කියයි

වත්මන් ආණ්ඩුව දැරියන්ට ලිංගික සබඳතා ඇති කරගැනීමට ඇති වයස් සීමාව 16 සිට 14ට අඩු කිරීමටත් වයස අවුරුදු 22ට අඩු දැරියන් දූෂණයට ලක් කළ පුද්ගලයන්ට දුන් දඬුවම් ලිහිල් කිරීමට මෙන්ම ස්ත්‍රී දූෂණය හා පුරුෂ දූෂණය එකට දමා දූෂණයෙන් වැඩිම හානියක් ලක්වන ස්ත්‍රීන්ට ලබා දුන් විශේෂිත අවස්ථාව අහිමි කිරීමට රජය සැලසුම් සකස් කළත් සමගි ජන බලවේගය පමණක් මේ ගැන පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත හඬක් නැගීමේ ප්‍රතිඵලයක් ලෙස රජයට එම නින්දිත යෝජනාව හකුලා ගැනීමට සිදු වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියාසිටියේ 6දා කුරුණෑගල හිරිපිටිය නගරයේ පැවැති හිරියාල ආසනයේ ජන පවුර වැඩසටහන හා එක්වෙමිනි.

සමගි ජන බලවේග රජය තුළ ග්‍රාම නගර රාජ්‍ය සංකල්පය ආරම්භ කර සෑම ගමකින්ම නගරයකින්ම නිර්මාණය වන යෝජනා පහළින් ඉහළට ගලා එන තොරතුරු දත්ත මත කේන්ද්‍ර ගත වූ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවත් රටේ පුරවැසියන් රටේ පාලන ක්‍රමයේ ප්‍රධානතම කොටස්කරුවන්, පාර්ශ්වකරුවන්, පෙරමගකරුවන් හා නායකයන් බවට පත් කර ගන්න බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පසුගිය කලායේ ගොවියාට ලැබුණු පොහොර අහිමි කර ගොවිතැන විනාශ කළ යුගයක් තිබූ බවත් අදටත් වත්මන් රජය ගොවියා ජීවත් කරවනවා වෙනුවට ගොවියා මහපොළවින් අතුගා දැමීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බවත් බතලේගොඩ

ගොවි පර්යේෂණ ආයතනය වසර 11ක කන්න 22ක පරීක්ෂණයකින් පසුව වී වගාවේ හොඳම අස්වැන්න ගත හැක්කේ රසායනික සහ කාබනික පොහොර සුසංගයෝගයෙන් යුත් ගොවිතැනෙන් බවත් කාබනික පොහොර පමණක් භාවිත කළ හොත් 21% සිට 31% දක්වා අස්වැන්නේ අඩුවිය හැකි බවට පාලකයන්ට දැනුම් දුන් නමුත් ගෝඨාභය රාජපක්ෂ රජය මෙම පරීක්ෂණ වාර්තාව නොසලකා තමන්ගේ හිතුමතේට රසායනික පොහොර තහනම් කර කාබනික වගාවට යොමු වීම නිසා කෘෂිකර්මාන්තය කඩා වැටී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. අධ්‍යාපනය මෙන්ම ගොවිතැනද සුහුරු විය යුතු බවත් සෑමදාම අනුගමනය කළ ගතානුගතික ක්‍රමවේදවලට වහල් නොවී නව තාක්ෂණය ඔස්සේ රටේ කෘෂි නිෂ්පාදන දේශීය ආහාර අවශ්‍යතාවට පමණක් නොව අපනයන කෘෂිකර්මාන්තය කරා යොමු විය යුතු බවත් ඒ සඳහා නව තාක්ෂණය උපයෝගී කර ගත හැකි බවත් විවිධ ඩිජිටල් වේදිකා උපයෝගී කර ගෙන අතමැදියන් නොමැතිව වෙළෙඳපොළට යා හැකි ක්‍රමවේදයක් සකස් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අප රට තුළ නව ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මිලියනක් බිහි කරන බවත් ඒ සඳහා අවශ්‍ය පහසුකම්, ප්‍රාග්ධනය මෙන්ම ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ආයතන පවා බිහි කරන බවත් රටෙන් අඩක් දුප්පත්කමින් තෙරපී ඇති මොහොතක ජනසවියට වඩා වැඩි ශක්තිමත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් එළිදක්වා දුප්පත්කමින් මිදෙන්න අවශ්‍ය ඉනිමඟ සකස් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment