පෑලියගොඩ එළවළු මිල පල්ලම් බහී

158

පිට පළාත්වලින් බහුල වශයෙන් එළවළු පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයට ලැබීම හේතුවෙන් එළවළු මිල ශීඝ්‍රයෙන් පහළ බසිමින් ඇති බව මැනිං වෙළෙඳ සංගමයේ හිටපු සංවිධායක අනිල් ඉන්‍ද්‍රජිත් මහතා ‘දිවයින’ට පැවසීය.

ඒ අනුව බෝංචි කිලෝවක තොග මිල රු. 100-120ක් ද ගෝවා 180-200ක් ද අමු මිරිස් රුපියල් 150ක් ද වන අතර පිපිඤ්ඤා රුපියල් 40ක් ද වන බව ඒ මහතා සඳහන් කරයි.

මෙම මිල ගණන්වලට සාපේක්‍ෂව අනෙකුත් සෑම එළවළු වර්ගයකම මිල පහත බැස ඇති බව ද මේ හේතුවෙන් එළවළු ගොවීන් ඉතා අසරණ තත්ත්වයකට පත්ව ඇති බව ද කියා සිටී.

ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment