නොරොච්චෝලෙට ගල්අඟුරු එයි: නැවතුණු යන්ත්‍රයටත් පණ ලැබේ

80

නොරොච්චෝල බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු තොග ලැබීම නිසා නවතා තිබෙන දෙවැනි යන්ත්‍රය ද ලබන බ්‍රහස්පතින්දා (19 දා) පමණ වනවිට යළි ක්‍රියාත්මක කිරීමට බලාගාර ඉංජිනේරුවෝ කටයුතු කරගෙන යති.

මේ මාසයට අදාළව ගල්අඟුරු නැව් 03 ක් පැමිණ තිබෙන බවත් තවත් ගල්අඟුරු නැව් 03 ක් මේ මාසය ඇතුළත පැමිණීමට නියමිත බවත් එම බලාගාරයේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය.

මේ වනවිට බලාගාරයේ යන්ත්‍ර තුනෙන් යන්ත්‍ර දෙකක් ක්‍රියාත්මක කර මෙගාවොට් 540 ක් ජාතික පද්ධතියට එක්කර තිබෙන අතර අනෙක් යන්ත්‍රය ක්‍රියාත්මක කර තවත් මෙගාවොට් 270 ක් ජාතික පද්ධතියට එක්කිරීමට නියමිතය.

එළැඹෙන අප්‍රේල් වනවිට (වාරකන් කාලය) ගල්අඟුරු නැව් 33 ක් ගෙන්වා ගැනීමට බලාගාරය සැලසුම් කර තිබෙන අතර එම ප්‍රමාණයෙන් නැව් 31 ක් පමණ නොරොච්චෝලයට ගෙනඒමට සැලසුම් කර ඇත. ඉතිරි නැව් දෙක පුත්තලමට ගොඩබෑමට ගතහැකි වුවහොත්, ත්‍රිකුණාමලයට ගෙන්වා ගොඩබිම මාර්ගයෙන් නොරොච්චෝලයට සැපයීමට සැලසුම් කර තිබේ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment