දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් උදෙසා කාගිල්ස් ගමෙන් ගෙදරට 19 වැනි වැඩසටහන

58

Cargills විසින් සංවිධානය කරනු ලබන ‘ගමෙන් ගෙදරට‘ වැඩසටහනේ 19 වන පියවර ඉකුත් ජුනි 24 සහ 25 යන දිනයන් හි සුළු හා මධ්‍ය පරිමණ ව්‍යවසායකයන් 24 දෙනකුගේ සහභාගීත්වයෙන් පැවැත්වන ලදී. Covid-19 වසංගතයෙන් දැඩි ලෙස බලපෑමට ලක් වූ සහ තම පාරිභෝගකි ප්‍රජාව වෙත ප්‍රවේශ වීමට නොහැකි වූ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (SMEs) අත්‍යවශ්‍ය සහය ලබා දීම සඳහා Cargills 2020 දී තම ‘ගමෙන් ගෙදරට වැඩසටහන දියත් කරන ලදී. වසංගත තත්ත්වය මේ වනවිට පහව ගොස් තිබුණ ද මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව පවත්වාගෙන ඒමේ ප්‍රතිඵලයක් ලෙස පසුගියදා ‘ගමෙන් ගෙදරට‘ 19 වන පියවර තබන ලදී. ඒ Cargills Foodcity Torrington Square ශාඛාවේදිය.

මෙම වැඩසටහන ආරම්භයේ පටන් Cargills සමාගම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 800 කට අධික සංඛ්‍යාවකට තමන්ගේ නිෂ්පාදන Cargills හි පුළුල් පාරිභෝගකි ජනතාව වෙත එළිදැක්වීමට පුළුල් ඉඩක් සකසා දී තිබේ. මෙකී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහණු දෙන දුෂ්කරතා අවමකර ගැනීම සඳහා, Cargills මෙම ව්‍යවසායකයන්ට අමතර ආදායමක් උපයා ගැනීමට මෙන් ම, තම නිෂ්පාදන වෙළඳපොළට ගෙන ඒමට අවශ්‍ය දැනුම ද ලබා දී තිබේ එමෙන්ම Cargills ජාලය සතු Cargills Bank වෙතින් මෙකී ව්‍යවසායකයන්ට තම නිෂ්පාදනයන් ඉහළ නැංවීමට අදාළ මූල්‍ය විසඳුම් ද ලබා දේ.

දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් උදෙසා කාගිල්ස් ගමෙන් ගෙදරට 19 වැනි වැඩසටහන

ඉන් පරිබාහරිව, මසකට වරක් ඔවුන්ට තම නිෂ්පාදන එළිදැක්වීමට Cargills සමාගම විසින් අවස්ථාව ලබා දෙනවා සේම එම වෙළෙඳ කුටි සම්පූර්ණයෙන් නඩත්තු වන්නේ Cargills හරහායි. මෙහදී ව්‍යවසායකයන්ට කිසිදු අමතර වියදමක් රහිතව තම නිෂ්පාදන ජනතාව වෙත ඉදිරිපත් කිරීමට අවකාශය ලැබේ.

මෙම ක්‍රියාවලියේ දිගුවක් ලෙස, තෝරාගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තම නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීම සඳහා Cargills Foodcity තුළ විශේෂ ඉඩක් ද Cargills විසින් ලබා දී තිබෙන අතර මෙමගින් මෙරට ව්‍යවසායකයන්ට තම ව්‍යාපාරය වර්ධනය කරගනිමින්, පුළුල් පාරිභෝගකි පිරිසකට ළඟාවීමට අවස්ථාව ලැබේ.

එසේම මෑතක දී පවත්වනන්ට යෙදුණු 19 වන ‘ගමෙන් ගෙදරට‘ වැඩසටහන මගින් පාරිභෝගිකයන් සඳහා අපූර්ව නිෂ්පාදන පෙළක් ලබාදීමට හැකි වූ අතර සාම්ප්‍රදායික හස්ත කර්මාන්තයන්ගේ සිට නිවසේ සැදූ විවිධ ආහාර පාන දක්වා පුළුල් පරාසයක උසස් තත්ත්වයේ නිෂ්පාදන භුක්ති විඳිමින් දේශීය ව්‍යවසායකයන්ට සහාය වීමට පාරිභෝගිකයන්ට අවස්ථාව උදා විය.

ඡායාරූප – නිශේන්ද්‍ර සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment