ධනුෂ්කට නිදහස් වෙන්න පුළුවන්…

576

ශ්‍රී ලංකා ක්‍රිකට් නීති අංශයේ හිටපු ප්‍රධානි සහ සිඩ්නි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති
නීතිඥ ආචාර්ය චානක සේනානායක

මැක්ස්වල්ට නොවේ එරට අගමැතිටවත් ඔහුව බලන්න යන්න බැහැ
ඔහු දැන් බන්ධනාගාරයේ නිරෝධානයේ ඉන්නේ
අත්අඩංගුවට ගත්තේ විදුලි සෝපානයේදී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ස්ත්‍රී දූෂණ චෝදනාවකට සැකකරුවකු ලෙස ඔස්ට්‍රේලියාවේ අත්අඩංගුවේ පසු වේ.ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග ලෝක කුසලාන තරගාවලියට සහභාගිවී සිටියදී ධනුෂ්කට මුහුණදීමට සිදු වූ මෙම ගැටලුව සම්බන්ධයෙන් නීතිඥ ආචාර්ය චානක සේනානායක මහතාගෙන් අපි විමසුවෙමු. ශ්‍රී ලංකා ක්‍රිකට් නීති අංශයේ හිටපු ප්‍රධානී සහ සිඩ්නි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වසර දහයක සිට සභාපතිවරයාද වන ආචාර්ය චානක සේනානායක මහතා ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නීතිඥවරයකු ලෙස කටයුතු කරයි. ධනුෂ්කගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් නීතිඥ සහාය ලබා දීමට අවශ්‍ය පහසුකම් සැපයීමේ සම්බන්ධීකාරකවරයා ලෙසද චානක සේනානායක මහතා කටයුතු කරයි. ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සමග ධනුෂ්ක ගුණතිලක පිළිබඳව ඔහු කළ සාකච්ඡාව පහත දැක්වේ.

ප්‍රශ්නය – ඔබ අවුරුද්දේ වැඩි හරියක් කාලය ගත කරන්නේ ඔස්ට්‍රේලියාවේ. කවද ද ඔබ ලංකාවට ආවේ?

පිළිතුර – මම ආවේ පසුගිය දෙවෙනිදා. ඒ කියන්නේ බදාදා.

ප්‍රශ්නය – එදින නේද ධනුෂ්ක මේ සිද්ධියට සම්බන්ධ වෙලා තිබෙන්නේ?

පිළිතුර – ඔව්. ඒත් පොලිසියට අදාළ කාන්තාව පැමිණිලි කරලා තිබෙන්නේ දවස් තුනකට පසුවයි. ඔහු අත්අඩංගුවට පත් වෙන්නේ ඉරිදා අලුයම 1.00ට පමණ. ඉන් පසු වීඩියෝ තාක්ෂණය ඔස්සේ එරට අධිකරණය මගින් ඔහුගේ අනන්‍යතාවය තහවුරු කර ගන්නවා.

ප්‍රශ්නය – කොහෙදිද ඔහු අත්අඩංගුවට පත්වෙන්නේ?

පිළිතුර – ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන්ගෙන සිටි හෝටලයේ විදුලි සෝපානයේදී. ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවෙන් පිටත් වෙන්නට සූදානම් වෙලා සිටියේ. ඔවුන්ව ගුවන් තොටුපළට රැගෙන යෑමට බස් රථයත් ඒ වන විට ක්‍රීඩකයන්ගේ පැමිණීම අපේක්ෂාවෙන් හෝටලය ඉදිරිපිට නතර කර ගෙන සිටියා.

ප්‍රශ්නය – අදාළ කාන්තාව සමග ධනුෂ්ක ඊට පෙරත් දුරකථනයෙන් හෝ සම්බන්ධකම් පවත්වා තිබුණාද?

පිළිතුර – එරට තිබෙන ඇප් එකක් මාර්ගයෙන් දැන හඳුනාගෙන කතාබස් කර තිබුණා. ධනුෂ්ක බි්‍රස්බේන් නුවර සිටියදී තමයි ඔවුන් මුලින්ම එසේ අඳුනාගෙන තිබෙන්නේ. එහිදී බි්‍රස්බේන්වලට එන්න කියලා ධනුෂ්ක ඇයට කියලා තිබුණත් ඇය පැමිණ තිබුණේ නැහැ. කොහොම හරි සිඩ්නිවලදී දෙදෙනා පසුගිය දෙවැනිදා මුණගැසී තිබුණා.

ප්‍රශ්නය – ධනුෂ්ක ට එහිදී එල්ල වූ චෝදනාව තමයි ලිංගික අතවර චෝදනාව. ඔබ ඒ පිළිබඳව දකින්නේ කෙසේද?

පිළිතුර – ඒ පිළිබඳව සෘජු පිළිතුරක් දෙන්න අමාරුයි. ඒත් පළමුව එකඟතාවය මත ඇතිවූ දෙයක් පසුව විරුද්ධත්වය මත සිදු වූ බවයි මෙතනදී හැඟෙන්නේ.

ප්‍රශ්නය – කොහොමද එකඟතාවය මත වුණා කියන්නේ?

පිළිතුර – එකඟතාවයක් නැත්නම් ඇය ධනුෂ්කව ගෙදරට එක්කගෙන යන්නෙ නැහැ. ඒ වගේම ඇය සහ ධනුෂ්ක දෙදෙනා හිතවත්කම ගොඩනඟාගත් අදාළ ඇප් එක බහුලව භාවිතා වෙන්නේ මෙවැනි දේවල්වලට තමයි. ඒ හරහා තමන් කැමති ස්ත්‍රියක් සහ පුරුෂයෙක් සොයා ගැනීමට දෙපාර්ශ්වයටම හැකියි. ඒ මිත්‍රත්වය මත තමයි ඔවුන් දෙදෙනා කාන්තාවගේ නිවසට යන්නේ. ඒ වගේම කාන්තාව තමයි ඔහුට ආපසු හෝටලයට යෑමට ටැක්සි එක ගෙන්වලා දෙන්නෙත්.

ප්‍රශ්නය – ඇයගේ මෙම චෝදනාව පිටුපස වෙනත් අරමුණක් තිබෙන්න නොහැකිද?

පිළිතුර – සමහරවිට තිබෙන්න පුළුවන්. මුදල් අරමුණක් හෝ ජනප්‍රිය වීමේ අරමුණක් ඇයට තිබුණා වෙන්න පුළුවන්. හැබැයි ඒක හරියටම කියන්න බැහැ.

ප්‍රශ්නය – ඒ කියන්නේ ධනුෂ්කව ‘බ්ලැක්මේල්’ කළා ද?

පිළිතුර – සමහර විට එහෙමත් වෙන්න පුළුවන්. ඒවා එරටට එතරම් ආගන්තුක දේවල් නෙමේ. විශේෂයෙන් ඇය වාසය කරන නගරයේ ප්‍රධාන පෙළේ රග්බි තරගාවලි පැවැත්වෙන කාලයේ දී එම ක්‍රීඩකයන් මෙවැනි දේවල්වලට පැටලෙනවා. ඒ නිසා එම ක්‍රීඩකයන්ට මේ උගුල්වලින් බේරෙන්න බලධාරීන් ඔවුන් දැනුවත් කර තිබෙන්නේ. සමහරවිට ධනුෂ්කත් එහෙම උගුලකට අහුවුණා වෙන්න පුළුවන්. ඇතැම් ක්‍රීඩකයෝ සල්ලි දීලා මේ දේවල්වලින් ගැළවුන අවස්ථාවන් ඕන තරම් ඉතිහාසයේ තිබෙනවා. ක්‍රීඩකයන්ට විතරක් නෙවෙයි ඕන කෙනෙක්ට එය පොදු තත්ත්වයක්.

ප්‍රශ්නය – මේ සිද්ධිය පිළිබඳ මුලින්ම කතාව ප්‍රචාරය වුණේ ධනුෂ්ක ඇයට ගාස්තුව ලෙස මුදල් දීලා නැති බවයි. එය ඇත්තක්ද?

පිළිතුර – නැහැ. ධනුෂ්ක එහෙම දෙයක් අපේ නීතිඥවරයාට කිව්වේ නැහැ.

ප්‍රශ්නය – ධනුෂ්ක කියන්නේ තමන් මේ වරදට නිවැරදිකරු කියලයි?

පිළිතුර – ඔව්. ඔහු එහෙම කියනවා.

ප්‍රශ්නය – ධනුෂ්කට මේ චෝදනාවෙන් නිදහස් වෙන්න පුළුවන්ද?

පිළිතුර – ඔව්. ඒ සඳහා තමයි අපි මේ මහන්සි වෙන්නේ. ඔහුට නිදහස් වීමට අවශ්‍ය කටයුතු අපි කරනවා. මෙතැනදී පොඩි හරි සැකයක් ආවොත් එහි වාසිය යන්නේ ධනුෂ්කට. මොකද වරද ඔප්පු කිරීමේ භාරය තිබෙන්නේ පැමිණිලි පාර්ශ්වයට. එසේම ඇය පොලිසියට සහ අධිකරණයට ලබාදුන් ප්‍රකාශවලත් යම් යම් පරස්පරතා තිබෙනවා. පැමිණිලි කරන්න ගතවූ කාලයත් වැඩියි. මේ දේවල් ධනුෂ්කට වාසිදායක වෙන්න පුළුවන්.

ප්‍රශ්නය – දෙපාර්ශ්වය අතර එකඟතාවයක් ඇති කර ගැනීමට ඉඩකඩ නැද්ද?

පිළිතුර – සමහරවිට නඩුව ඉස්සරහට යනකොට එහෙම දෙයක් වෙන්න පුළුවන්. හැබැයි දැන්ම එකඟතාවයක් ඇතිවෙයි කියල කියන්න අමාරුයි.

ප්‍රශ්නය – ලබන ජනවාරි 12 වැනිදා නඩුව විභාගයට ගැනීමට නියමිතයි නේද ?

පිළිතුර – එදින නඩුව විභාගයට ගන්න දිනයක් නෙවෙයි. නියම ආකාරයෙන් අපේ පාර්ශ්වයෙන් සකස් කරන ලද නඩුවට අවශ්‍ය සියලු ලිපිගොනු උසාවියට ඉදිරිපත් කිරීම තමයි එදිනට සිදු කෙරෙන්නේ. ඊට පසුව නඩුවට අදාළ දින ලබා දෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි නඩුවක් විභාග කර අවසන් වීමට මාස 9ක් 12 ක් වගේ කාලයක් ගත වෙනවා.

ප්‍රශ්නය – ධනුෂ්ක මේ චෝදනාවලට වැරැදිකරු වුවහොත් ඔහුට කොපමණ කාලයක් බන්ධනාගාරගතව සිටින්නට සිදුවේද?

පිළිතුර – බොහෝ දුරට අවුරුදු 7ක් හෝ 14ත් අතර කාලයක්. අඩුම වශයෙන් අවුරුදු හතක්. හොඳ කල්ක්‍රියාව මත අවුරුදු හතකට කාලය අඩු කරගන්න පුළුවන්. සමහරවිට අවුරුදු විස්සක් වෙන්නත් පුළුවන්.

ප්‍රශ්නය – රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ඒ කියන්නේ රටවල් දෙක මැදිහත් වෙලා මේ ප්‍රශ්නය විසඳ ගන්න බැරිද?

පිළිතුර – එහෙම බැහැ. එරට නීතිය හරි බලවත්. ජනාධිපති අගමැති කතා කරා කියලා එරට උසාවි තීන්දු තීරණ වෙනස් වෙන්නේ නැහැ.

ප්‍රශ්නය – ඇප ලබා ගැනීමට අවශ්‍ය කටයුතු දැන් සිදු කෙරෙමින් පවතිනවා ද?

පිළිතුර – ඔව්. ඇප අයැදුම්පතේ යම් අඩුපාඩු කීපයක් තිබුණා. ඒවා දැන් සකස් කරගෙන යනවා.

ප්‍රශ්නය – ඇප ලැබුණොත් ධනුෂ්කට ලංකාවට එන්න පුළුවන්ද ?

පිළිතුර – බැහැ. ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණ භාරයේ තියෙන්නේ. නිදොස් වන තෙක් හෝ දඬුවම් කාලය අවසන් වන තෙක් එය නිදහස් කරන්නේ නැහැ. ඒ වගේම අදාළ කාන්තාව සිටින ඉසව්වකටවත් ධනුෂ්කට යන්න නොහැකියි.

ප්‍රශ්නය – ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් ධනුෂ්කගේ සුවදුක් බැලීමට ගිය බවක් ආරංචි වෙනවා. එය ඇත්තක්ද?

පිළිතුර – සම්පූර්ණයෙන් බොරු කතාවක් තමයි ඒ යන්නේ. ධනුෂ්ක දැන් ඉන්නේ නිරෝධායනයේ. පාර්ක්ලි බන්ධනාගාර සංකීරණයේ වෙනම කාමරයක ධනුෂ්ක රඳවා තිබෙනවා. දවස් 10ක් ඔහු එම නිරෝධායනය ගත කරන්න ඕන. ඔහු ළඟට යෑමට කාටවත් නොහැකියි. ග්ලේන් මැක්ස්වල් නොවේ එරට අගමැතිටවත් ධනුෂ්ක ළඟට යන්න බැහැ. නීතිඥවරයාට විතරයි ඔහු මුණ ගැසීමට පුළුවන්. ඒත් සමීපයටම යන්න දෙන්නේ නැහැ. දවස් 10න් පසුව ඔහුට ගෙදරට කතා කරන්න අවසර තිබෙනවා.

ප්‍රශ්නය – ධනුෂ්ක වෙනුවෙන් නඩුවට ඉදිරිපත් වූ නීතිඥ ආනන්ද අමරනාත් මහතා ඇයි නඩුවෙන් ඉවත් වුණේ?

පිළිතුර – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සඳහා වෙනම නීතිඥවරයකු පත් කළා. ඒ නිසා අපි අමරනාත් මහත්තයව නඩුවෙන් ඉවත් කර ගත්තා. දැන් ධනුෂ්ක වෙනුවෙන් පෙනී සිටින්නේ ඉවාන් ෆයර්ඩ් නම් මුස්ලිම් ජාතික නීතිඥවරයෙක්.

ප්‍රශ්නය – ඔබ අවුරුද්දේ වැඩි හරියක් කාලය ගත කරන්නේ ඔස්ටේ්‍රලියාවේ. කවද ද ඔබ ලංකාවට ආවේ?

පිළිතුර – මම ආවේ පසුගිය දෙවෙනිදා. ඒ කියන්නේ බදාදා.

ප්‍රශ්නය – එදින නේද ධනුෂ්ක මේ සිද්ධියට සම්බන්ධ වෙලා තිබෙන්නේ?

පිළිතුර – ඔව්. ඒත් පොලිසියට අදාළ කාන්තාව පැමිණිලි කරලා තිබෙන්නේ දවස් තුනකට පසුවයි. ඔහු අත්අඩංගුවට පත් වෙන්නේ ඉරිදා අලුයම 1.00ට පමණ. ඉන් පසු වීඩියෝ තාක්ෂණය ඔස්සේ එරට අධිකරණය මගින් ඔහුගේ අනන්‍යතාවය තහවුරු කර ගන්නවා.

ප්‍රශ්නය – කොහෙදිද ඔහු අත්අඩංගුවට පත්වෙන්නේ?

පිළිතුර – ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන්ගෙන සිටි හෝටලයේ විදුලි සෝපානයේදී. ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ටේ්‍රලියාවෙන් පිටත් වෙන්නට සූදානම් වෙලා සිටියේ. ඔවුන්ව ගුවන් තොටුපළට රැගෙන යෑමට බස් රථයත් ඒ වන විට ක්‍රීඩකයන්ගේ පැමිණීම අපේක්ෂාවෙන් හෝටලය ඉදිරිපිට නතර කර ගෙන සිටියා.

ප්‍රශ්නය – අදාළ කාන්තාව සමග ධනුෂ්ක ඊට පෙරත් දුරකථනයෙන් හෝ සම්බන්ධකම් පවත්වා තිබුණාද?

පිළිතුර – එරට තිබෙන ඇප් එකක් මාර්ගයෙන් දැන හඳුනාගෙන කතාබස් කර තිබුණා. ධනුෂ්ක බි්‍රස්බේන් නුවර සිටියදී තමයි ඔවුන් මුලින්ම එසේ අඳුනාගෙන තිබෙන්නේ. එහිදී බි්‍රස්බේන්වලට එන්න කියලා ධනුෂ්ක ඇයට කියලා තිබුණත් ඇය පැමිණ තිබුණේ නැහැ. කොහොම හරි සිඩ්නිවලදී දෙදෙනා පසුගිය දෙවැනිදා මුණගැසී තිබුණා.

ප්‍රශ්නය – ධනුෂ්ක ට එහිදී එල්ල වූ චෝදනාව තමයි ලිංගික අතවර චෝදනාව. ඔබ ඒ පිළිබඳව දකින්නේ කෙසේද?

පිළිතුර – ඒ පිළිබඳව සෘජු පිළිතුරක් දෙන්න අමාරුයි. ඒත් පළමුව එකඟතාවය මත ඇතිවූ දෙයක් පසුව විරුද්ධත්වය මත සිදු වූ බවයි මෙතනදී හැඟෙන්නේ.

ප්‍රශ්නය – කොහොමද එකඟතාවය මත වුණා කියන්නේ?

පිළිතුර – එකඟතාවයක් නැත්නම් ඇය ධනුෂ්කව ගෙදරට එක්කගෙන යන්නෙ නැහැ. ඒ වගේම ඇය සහ ධනුෂ්ක දෙදෙනා හිතවත්කම ගොඩනඟාගත් අදාළ ඇප් එක බහුලව භාවිතා වෙන්නේ මෙවැනි දේවල්වලට තමයි. ඒ හරහා තමන් කැමති ස්ත්‍රියක් සහ පුරුෂයෙක් සොයා ගැනීමට දෙපාර්ශ්වයටම හැකියි. ඒ මිත්‍රත්වය මත තමයි ඔවුන් දෙදෙනා කාන්තාවගේ නිවසට යන්නේ. ඒ වගේම කාන්තාව තමයි ඔහුට ආපසු හෝටලයට යෑමට ටැක්සි එක ගෙන්වලා දෙන්නෙත්.

ප්‍රශ්නය – ඇයගේ මෙම චෝදනාව පිටුපස වෙනත් අරමුණක් තිබෙන්න නොහැකිද?

පිළිතුර – සමහරවිට තිබෙන්න පුළුවන්. මුදල් අරමුණක් හෝ ජනප්‍රිය වීමේ අරමුණක් ඇයට තිබුණා වෙන්න පුළුවන්. හැබැයි ඒක හරියටම කියන්න බැහැ.

ප්‍රශ්නය – ඒ කියන්නේ ධනුෂ්කව ‘බ්ලැක්මේල්’ කළා ද?

පිළිතුර – සමහර විට එහෙමත් වෙන්න පුළුවන්. ඒවා එරටට එතරම් ආගන්තුක දේවල් නෙමේ. විශේෂයෙන් ඇය වාසය කරන නගරයේ ප්‍රධාන පෙළේ රග්බි තරගාවලි පැවැත්වෙන කාලයේ දී එම ක්‍රීඩකයන් මෙවැනි දේවල්වලට පැටලෙනවා. ඒ නිසා එම ක්‍රීඩකයන්ට මේ උගුල්වලින් බේරෙන්න බලධාරීන් ඔවුන් දැනුවත් කර තිබෙන්නේ. සමහරවිට ධනුෂ්කත් එහෙම උගුලකට අහුවුණා වෙන්න පුළුවන්. ඇතැම් ක්‍රීඩකයෝ සල්ලි දීලා මේ දේවල්වලින් ගැළවුන අවස්ථාවන් ඕන තරම් ඉතිහාසයේ තිබෙනවා. ක්‍රීඩකයන්ට විතරක් නෙවෙයි ඕන කෙනෙක්ට එය පොදු තත්ත්වයක්.

ප්‍රශ්නය – මේ සිද්ධිය පිළිබඳ මුලින්ම කතාව ප්‍රචාරය වුණේ ධනුෂ්ක ඇයට ගාස්තුව ලෙස මුදල් දීලා නැති බවයි. එය ඇත්තක්ද?

පිළිතුර – නැහැ. ධනුෂ්ක එහෙම දෙයක් අපේ නීතිඥවරයාට කිව්වේ නැහැ.

ප්‍රශ්නය – ධනුෂ්ක කියන්නේ තමන් මේ වරදට නිවැරදිකරු කියලයි?

පිළිතුර – ඔව්. ඔහු එහෙම කියනවා.

ප්‍රශ්නය – ධනුෂ්කට මේ චෝදනාවෙන් නිදහස් වෙන්න පුළුවන්ද?

පිළිතුර – ඔව්. ඒ සඳහා තමයි අපි මේ මහන්සි වෙන්නේ. ඔහුට නිදහස් වීමට අවශ්‍ය කටයුතු අපි කරනවා. මෙතැනදී පොඩි හරි සැකයක් ආවොත් එහි වාසිය යන්නේ ධනුෂ්කට. මොකද වරද ඔප්පු කිරීමේ භාරය තිබෙන්නේ පැමිණිලි පාර්ශ්වයට. එසේම ඇය පොලිසියට සහ අධිකරණයට ලබාදුන් ප්‍රකාශවලත් යම් යම් පරස්පරතා තිබෙනවා. පැමිණිලි කරන්න ගතවූ කාලයත් වැඩියි. මේ දේවල් ධනුෂ්කට වාසිදායක වෙන්න පුළුවන්.

ප්‍රශ්නය – දෙපාර්ශ්වය අතර එකඟතාවයක් ඇති කර ගැනීමට ඉඩකඩ නැද්ද?

පිළිතුර – සමහරවිට නඩුව ඉස්සරහට යනකොට එහෙම දෙයක් වෙන්න පුළුවන්. හැබැයි දැන්ම එකඟතාවයක් ඇතිවෙයි කියල කියන්න අමාරුයි.

ප්‍රශ්නය – ලබන ජනවාරි 12 වැනිදා නඩුව විභාගයට ගැනීමට නියමිතයි නේද ?

පිළිතුර – එදින නඩුව විභාගයට ගන්න දිනයක් නෙවෙයි. නියම ආකාරයෙන් අපේ පාර්ශ්වයෙන් සකස් කරන ලද නඩුවට අවශ්‍ය සියලු ලිපිගොනු උසාවියට ඉදිරිපත් කිරීම තමයි එදිනට සිදු කෙරෙන්නේ. ඊට පසුව නඩුවට අදාළ දින ලබා දෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි නඩුවක් විභාග කර අවසන් වීමට මාස 9ක් 12 ක් වගේ කාලයක් ගත වෙනවා.

ප්‍රශ්නය – ධනුෂ්ක මේ චෝදනාවලට වැරැදිකරු වුවහොත් ඔහුට කොපමණ කාලයක් බන්ධනාගාරගතව සිටින්නට සිදුවේද?

පිළිතුර – බොහෝ දුරට අවුරුදු 7ක් හෝ 14ත් අතර කාලයක්. අඩුම වශයෙන් අවුරුදු හතක්. හොඳ කල්ක්‍රියාව මත අවුරුදු හතකට කාලය අඩු කරගන්න පුළුවන්. සමහරවිට අවුරුදු විස්සක් වෙන්නත් පුළුවන්.

ප්‍රශ්නය – රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ඒ කියන්නේ රටවල් දෙක මැදිහත් වෙලා මේ ප්‍රශ්නය විසඳ ගන්න බැරිද?

පිළිතුර – එහෙම බැහැ. එරට නීතිය හරි බලවත්. ජනාධිපති අගමැති කතා කරා කියලා එරට උසාවි තීන්දු තීරණ වෙනස් වෙන්නේ නැහැ.

ප්‍රශ්නය – ඇප ලබා ගැනීමට අවශ්‍ය කටයුතු දැන් සිදු කෙරෙමින් පවතිනවා ද?

පිළිතුර – ඔව්. ඇප අයැදුම්පතේ යම් අඩුපාඩු කීපයක් තිබුණා. ඒවා දැන් සකස් කරගෙන යනවා.

ප්‍රශ්නය – ඇප ලැබුණොත් ධනුෂ්කට ලංකාවට එන්න පුළුවන්ද ?

පිළිතුර – බැහැ. ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණ භාරයේ තියෙන්නේ. නිදොස් වන තෙක් හෝ දඬුවම් කාලය අවසන් වන තෙක් එය නිදහස් කරන්නේ නැහැ. ඒ වගේම අදාළ කාන්තාව සිටින ඉසව්වකටවත් ධනුෂ්කට යන්න නොහැකියි.

ප්‍රශ්නය – ඔස්ටේ්‍රලියානු ක්‍රීඩකයන් ධනුෂ්කගේ සුවදුක් බැලීමට ගිය බවක් ආරංචි වෙනවා. එය ඇත්තක්ද?

පිළිතුර – සම්පූර්ණයෙන් බොරු කතාවක් තමයි ඒ යන්නේ. ධනුෂ්ක දැන් ඉන්නේ නිරෝධායනයේ. පාර්ක්ලි බන්ධනාගාර සංකීරණයේ වෙනම කාමරයක ධනුෂ්ක රඳවා තිබෙනවා. දවස් 10ක් ඔහු එම නිරෝධායනය ගත කරන්න ඕන. ඔහු ළඟට යෑමට කාටවත් නොහැකියි. ග්ලේන් මැක්ස්වල් නොවේ එරට අගමැතිටවත් ධනුෂ්ක ළඟට යන්න බැහැ. නීතිඥවරයාට විතරයි ඔහු මුණ ගැසීමට පුළුවන්. ඒත් සමීපයටම යන්න දෙන්නේ නැහැ. දවස් 10න් පසුව ඔහුට ගෙදරට කතා කරන්න අවසර තිබෙනවා.

ප්‍රශ්නය – ධනුෂ්ක වෙනුවෙන් නඩුවට ඉදිරිපත් වූ නීතිඥ ආනන්ද අමරනාත් මහතා ඇයි නඩුවෙන් ඉවත් වුණේ?

පිළිතුර – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සඳහා වෙනම නීතිඥවරයකු පත් කළා. ඒ නිසා අපි අමරනාත් මහත්තයව නඩුවෙන් ඉවත් කර ගත්තා. දැන් ධනුෂ්ක වෙනුවෙන් පෙනී සිටින්නේ ඉවාන් ෆයර්ඩ් නම් මුස්ලිම් ජාතික නීතිඥවරයෙක්.

සාකච්ඡා කළේ
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment