ධනුෂ්ක ටෙස්ට්වලින් යයි

339

ශ‍්‍රී ලංකා, ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කරමින් ඒ පිළිබඳ ලිපිය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වෙත භාර දී ඇතැයි වාර්තාවේ.

ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 08කට ක‍්‍රීඩා කර ඇති ධනුෂ්ක ගුණතිලක පසුගියදා සිය තීරණය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වෙත දැනුම් දී ඇතැයි ස`දහන්වේ. ධනුෂ්ක ගුණතිලක ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් අර්ධ සතක දෙකක් ඇතුළුව ලකුණු 299ක් ලබා ගෙන ඇත.

”ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් මගේ රට නියෝජනය කරන්නට ලැබීම මට ලැබුණු ලොකු ගෞරවයක්. කෙසේ වෙතත් ඉදිරියේ දී මම ශ‍්‍රී ලංකාව වෙනුවෙන් සීමිත පන්දුවාර තරග සඳහා හොඳ සූදානමින් යුතුව ක‍්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. කණ්ඩායමට මගේ සේවාව අවශ්‍ය වන වෙලාවේ දී මම ඒ දේ කරන්න සූදානමින් ඉන්නවා’’, යැයි ගුණතිලක ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වෙත යොමු කළ ලිපියේ සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment