නිධන් සමග හිමි නමක් දැලේ

647

පදවිය-පරාක්‍රමපුර, විහාරස්‌ථානයක භුමියේ ඉපැරිණි ගොඩනැගිල්ලක නෂ්ඨාවශේෂ සහිත ස්ථානයක් කැණීම් කොට ලබා ගත් බව කියන පෞරාණික නිධන් වස්තු කීපයක් සමග එම විහාරස්‌ථානයේ විහාරාධිපති හිමි පදවිය පොලිසිය විසින් අද (15) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

එම පොලිස් ස්ථානයේ බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත පදවිය පොලිස් ස්ථානාධිපතිගේ මෙහෙයවීම මත දුෂණ මර්දන අංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කොට තිබේ.

මිට දින කීපයකට පමණ ඉහතදී ප්‍රදේශවල පුද්ගලයින් කීප දෙනෙක් සහ අවට විහාරස්‌ථානවල හිමිවරුන් කීප දෙනෙකුගේ සහය ඇතිව එම නිදන් වස්තු ගොඩ ගෙන ඇති බවට තොතුරු අනාවරණය වී ඇති අතර එම පුද්ගලයින් සහ හිමිවරුන් අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන සිදු කරගෙන යන බවත් පදවිය පොලිසිය පවසයි.

මෙතෙක් විවෘත කොට නොමැති ඉපැරිණි පිත්තල සෙම්බුවක්ව විෂ්ණු දේව පහනක් සහ පාෂාණ වර්ගයක්ද එම විහාරස්ථානයේ සඟවා තිබියදී පදවිය පොලිසිය සිය භාරයට ගෙන ඇත.

කාලයක් තිස්සේ එම විහාරස්‌ථාන භුමියේ ගඩොල් කැපීම සඳහා පොලොව කැණීම් කොට ඇති අතර එම නිසා විහාරස්‌ථ භුමිය තුළ විශාල පරිසර හානියක් සිදු කොට ඇති බවත් පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment