නියමු ව්‍යාපෘතියක් ලෙස කංසා වගාවට – නිර්දේශ ලැබුණා

170

රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ

නියමු ව්‍යාපෘතියක් ලෙස ආයෝජන මණ්ඩලය මගින් නියමිත කලාපයක් තුළ කංසා වගා කිරීමට ඉතා ඉක්මනින් පියවර ඇරඹෙනු ඇති බවත් ඊට නිර්දේශ ලැබී ඇති බවත් සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

මෙම වගාවට සුදුසු භූවිiාත්මක ප්‍රදේශය තෝරා ගැනීම දැන් සිදුවන බවත්, ජනාධිපතිතුමන් මේ පිළිබඳ විමසා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ද නිකුත්ව ඇති බවත් ඇය කීවාය.

ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ ඉකුත් සති අන්තයේ කොළඹ පැවැති සාකච්ඡාවකදී ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා ද එම කංසා වගාව නිශ්චිත කලාපයක් තුළ පමණක් ආයෝජන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලැබී ඇති බව සඳහන් කළේය.

ඩයනා ගමගේ රාජ්‍ය ඇමැතිවරිය මෙසේද පැවසුවාය.

කංසා වවලා ලංකාවට විදේශ ආයෝජනයක් ගෙනැල්ලා එම කංසාවලින් ඩොලර් උපයන්න පුළුවන් කියලා මම කිව්වාම, මට මිනිස්සු වෛර කළා. බොහෝ අය දැනන් හිටියා මේ තුළින් ලංකාව ණය බරින් මුදා ගන්න පුළුවන් කියලා. ඒ නිසා එම යෝජනාව පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතටත් ගෙනයෑම එය සමාජගත කිරීම බොහෝදෙනාට දරාගෙන ඉන්න බැරිවුණා. සමහරු මට ගලිබවුසරය කිව්වා. සමහරු මට ගංජා කුමාරි කිව්වා. ජීවිතය එපාවන තරමට මට නින්දා කළා. නමුත් මම රටත් ජනතාවත් වෙනුවෙන් ඉදිරියට තිබ්බ පය පස්සට ගත්තේ නැහැ.

බුද්ධියෙන් මේරූ ලොව සුපිරි දේශපාලන බලවතා වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග මම දිරිමත්ව විශ්වාසයෙන් මගේ ගමන්මග ගියා. මේ වෙනකොට ජයග්‍රාහී පාඨයක් වන කංසා වගාව තුළින් ඩොලර් උපයමු යන සංකල්පය මම ඉදිරියටම ගෙනගියා. එහි ප්‍රතිඵලයක් ලෙස ත්‍රෛලෝක විජයපත්‍ර (කංසා) නියමු ව්‍යාපෘතියක් ලෙස ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය හරහා ගමන්මග විවර වෙමින් පැවතීම ගැන මට ඇත්තේ අසීමිත සතුටක්.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment