‘පත්තර මල්ලිට’ 25 යි – විශේෂ සැමරුම් උළෙලක් අද

302

දිනපතා පුවත්පත් සිරස්තල විද්‍යුත් මාධ්‍යයට ගෙන ඒමේ ප්‍රමුඛයා වන මාධ්‍යවේදී නුවන් ලියනගේ ‘පත්තර මල්ලි’ වැඩසටහනට වසර 25 ක් පිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් වැඩසටහනක් අද (25 දා) සවස 3.00ට කොළඹ ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

රූපවාහිනි මාධ්‍යයෙන් පත්තර සිරස්තලකියවීමේ සම්ප්‍රදායට පෙර නුවන් ‘රේඩියෝ’ව තුළින් පත්තර සිරස්තල මෙරට ජනතාව අතරට ගෙන එමින් නව ඇරඹුමක් සටහන් කළේය.

අද උළෙලේ ප්‍රධාන දේශනය ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතා විසින් පවත්වනු ලබයි. ‘නුවන් ලියනගේ රේඩියෝ භූමිකාව’ මැයෙන් නාලක ගුණවර්ධන මහතා කෙටි දෙසුමක් පවත්වයි. ඊට අමතරව නුවන් ලියනගේ විසින් රචිත ගීත කිහිපයක් තිළිණ රුහුණගේ සංගීත අධ්‍යක්‍ෂණයෙන් ගැයීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment