රටකි, දැයකි, ලොවකි  ඇය…!

575

අද ජාත්‍යන්තර කාන්තා දිනයයි

 පියල් නිශාන්ත
 රාජ්‍ය අමාත්‍ය – කාන්තා සහ ළමා සංවර්ධන

 ‘‘රටකි, දැයකි, ලොවකි ඇය” මානව සංහතියේ ජීවයත්, පැවැත්මත් ඇයම වන්නීය. ලොව හිරු නැෙ`ගන සෑම දිනයක්ම ඇගේම නිමවුමක් යැයි මම සිතමි. එවන් උදාර ඇය නමින් දිනක් වෙන් කරන්නට තරම් ලෝකවාසීන් නිහතමානී වීම පිළිබඳ මිනිසෙකු ලෙස මම සතුටු වෙමි. ඇය අගයන්නට, ඇය පිළිබඳ කතා කරන්නට, ඇයට සවියක් වන්නට, ඇය සුරක්ෂිත කරන්නට මෙවන් දිනක අප පෙළගැසිය යුතුමය. විෂය භාර රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් අමාත්‍යාංශ විෂය පථය භාරගත් දින සිටම උත්තරීතර ඇය වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කිරීමට මට හැකි වීම පිළිබඳව මම නිහතමානීව ආඩම්බර වෙමි. ඒ නිසාවෙන්ම මාර්තු 8 වැනිදාට යෙදෙන ‘‘ජාත්‍යන්තර කාන්තා දිනය” ට සමගාමීව කාන්තා සංවර්ධනය සහ සුරක්ෂාව විෂයේ රාජ්‍ය මැදිහත් වීම පිළිබඳ විමසීමට තීරණය කළෙමි.

 ශ‍්‍රී ලංකාවේ කාන්තාවන් සම්බන්ධව ප‍්‍රමුඛ වගකීම දරණුයේ කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප‍්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය විසිනි. ඇය තුළ වන නිර්මාණශීලී හැකියාවන් සහ ශක්‍යතාවන් හඳුනා ගනිමින් ඇය හමුවේ ඇති අභියෝගය ජයගන්නට දිරි දෙමින් ඇයගේ හෙට දවස වඩාත් සුබවාදී කරනු පිණිස ඇයට දිරි දීම මා ඇතුළු මාගේ රාජ්‍ය අමාත්‍යාංශයේ අභිලාෂයයි. එම අභිලාෂය මුදුන් පමුණුවා ගැනීමේ අරමුණ පෙරදැරිව සුවිශේෂී වැඩසටහන්, ව්‍යාපෘතීන් රාශියක් අප විසින් ක‍්‍රියාත්මක කළෙමු.

 අන් කවරදාටත් වඩා නිර්මාණශීලී, ඵලදායි ව්‍යාපෘති සහ වැඩසටහන් ක‍්‍රියාවට නැංවීමට මට මෑතකාලීනව හැකි වූ බව ඉතා සතුටින් ස`දහන් කරමි. එම නිසාවෙන්ම 2021 වසරේ ජාත්‍යන්තර කාන්තා දින සමරුමේ සිට මේ මොහොත දක්වා විෂයභාර අමාත්‍යවරයා ලෙස මම සහ මාගේ අමාත්‍යාංශය කළ කී දෑ සැකැවින් ගොනුකර බැලීමට උත්සාහ දැරීම වඩාත් යහපත් යැයි මම සිතමි.

 මෙතෙක් ජාතික අඩුපාඩුවක්ව පැවති කාන්තාවන් මුහුණ දෙන අතවර සහ හිරිහැර ආදී අකටයුතුකම් ක්ෂණිකව දනුම්දීම සඳහා පැය 24 පුරා ක‍්‍රියාත්මක 1938 ගාස්තු රහිත ක්ෂණික ඇමතුම් අංකය ස්ථාපිත කරන ලද්දේ පසුගිය වසර තුළදීය. කාන්තාව විෂයේ සාමාජීය වශයෙන් පවත්නා සැබෑ අනතුරු හඳුනා ගනිමින් මෙම දුරකථන සේවාව හඳුන්වා දීම සිදුවිය. ඒ අනුව කාන්තාවන්ට එරෙහිව ක‍්‍රියාත්මක වූ හිංසන අතවර ඇතුළු බොහෝ අකටයුතුකම් සඳහා සක‍්‍රීයව මැදිහත් වීමට මාගේ අමාත්‍යාංශයට අවකාශ සැලසුනි.

 එසේම කාන්තාව උදෙසා වඩාත් සුරක්ෂිත සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ඒකාබද්ධ වැඩපිළිවෙළකට මාගේ රාජ්‍ය අමාත්‍යාංශය අවතීරණය වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, ශ‍්‍රී ලංකා පොලිසිය ඇතුළු ආයතන රාශියක් ඒකාබද්ධ කරගනිමින් මෙම වැඩපිළිවෙළ දිස්ත‍්‍රික් මට්ටමින් ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙමි. එය මා ඇතුළු කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් ක‍්‍රියාත්මක කරන ‘‘සහන් එළිය” වැඩසටහනට අන්තර්ගත කොට තිබේ. මෙම වැඩසටහන මේ වන විටත් දිවයිනේ සෑම දිස්ත‍්‍රික්කයකම පාහේ පවත්වා ඇත.

 ශ‍්‍රී ලාංකීය කාන්තාව ආර්ථික, සමාජීය වශයෙන් බලගැන්වීම සහ කාන්තාව ජාතික සංවර්ධන ක‍්‍රියාදාමයකට දායක කරගැනීම අරමුණු කරගත් පොදුවේ ක‍්‍රියාත්මක නවමු වැඩසටහන් හා ව්‍යාපෘති රැසක් ද මේ වනවිටත් අප අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වේ. මාගේ සංකල්පයන් හරහා මෙම වැඩසටහන් සඳහා නිර්මාණාත්මක අගයක් එකතු කිරීමට ලැබීම මා ලද භාග්‍යයකි. එසේම ජනාධිපතිතුමන්ගේ ”සෞභාග්‍යයේ දැක්ම” ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ අභිලාෂය ඇතිව මෙම වැඩසටහන් අප නිර්මාණය කළෙමු.

 මා පෙර කී පරිදි 2021 වසරේ අන්තර්ජාතික කාන්තා දින සැමරුමට සමඟාමීව මෙම වැඩසටහන් රැුසක් කලඑළි දැක්වීමට අප විසින් කටයුතු කරන ලදී. මෙම වැඩසටහන් දීර්ඝකාලීන වැඩසටහන් වේ. පසුගිය වසරේ කාන්තා දිනය දා ක‍්‍රියාත්මක කොට මේ වන විට එම වැඩසටහන් අතහැර දමා නොමැති බව මා ස`දහන් කළ යුතුමය. රාජ්‍ය යාන්ත‍්‍රණය තුළ සාම්ප‍්‍රදායිකව ක‍්‍රියාත්මක වන ජාතික උත්සව ක‍්‍රියාවලියෙන් අත මිදුණු මෙම වැඩසටහන් පෙළ අදට ද දිවයින පුරා විවිධ පරිමාවන්ගෙන් ක‍්‍රියාත්මක වන්නේ කොවිඞ් අභියෝගය ද ජය ගනිමිනි.

 ඒ අනුව මගේ සංකල්පයක් පෙරදැරිව මව්වත් සමාජයක් ගොඩනැ`ගීම උදෙසා නිර්මාණය කළ ‘‘අම්මාවරුනේ” වැඩසටහන සෞන්දර්යාත්මකව දිවයිනේ ප‍්‍රදේශ රැුසක මේ වනවිටත් පවත්වා ඇති අතර ඉදිරියේදීද පැවැත්වීමට සංවිධානය කොට තිබේ. මාතෘත්වය අගයන සමාජයක් නිර්මාණය කිරීම හරහා කාන්තාව සුරක්ෂිත කිරීම මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමෙහිලා මාගේ මුඛ්‍ය අරමුණයි. ‘‘අම්මාවරුනේ” වැඩසටහන යනු කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය භෞතිකවාදී රාමුවෙන් මිදී නිර්මාණාත්මක හා ආධ්‍යාත්මික ප‍්‍රවේශයකට පිවිස ඇති බව පෙන්වා දීමට ඇති ප‍්‍රධානතම සාක්ෂිය බව මාගේ අදහසයි.

 මීට අමතරව පසුගිය වසරේ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ඇරඹුණු රට පුරා සෑම ග‍්‍රාම නිලධාරි කොට්ඨාසයක්ම අවරණය වන පරිදි ව්‍යවසායක කාන්තාවන්ට නිවාස හා ව්‍යාපාරික ස්ථාන ඉදිකිරීමේ ‘‘සුහුරුලිය” විශේෂිත කාන්තා ව්‍යවසාය සංවර්ධන වැඩසටහන ද මා සිහිපත් කළ යුතුය. අදට ද එම වැඩසටහන සාර්ථකව ක‍්‍රියාත්මක වේ. මේ වන විටත් දිවයිනේ සෑම ග‍්‍රාම නිලධාරී වසමකම පාහේ මෙම වැඩසටහනේ ප‍්‍රතිලාභ ලැබූ කාන්තාවෝ සිටිති. ‘‘සුහුරුලිය” විශේෂිත කාන්තා ව්‍යවසාය සංවර්ධන වැඩසටහන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ පූර්ණ උපදේශකත්වය යටතේ ක‍්‍රියාත්මක වේ.

 එසේම දිරියෙන් ලොව ජය ලබන්නට වෙහෙසන කතුන් අගයනු වස් ක‍්‍රියාත්මක ‘‘දිරිය ජනනී” වැඩසටහන මෙහිදී මම සුවිශේෂී කොට දක්වමි. විවිධ කායික ආබාධයන්ගෙන් පෙළෙන කාන්තාවන්ට සේම ආර්ථික අපහසුතා ඇති කාන්තාවන්ට ද ‘‘දිරිය ජනනී” හරහා සහන සැලසීම ද සිදුවෙයි. පසුගිය වසර පුරා ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළින් ද මාගේ අමාත්‍යාංශය විසින් ක‍්‍රියාත්මක කළ ‘‘දිරිය ජනනී” වැඩසටහනෙන් උපකාර ලද කාන්තාවන් පිළිබඳ වාර්තා රැුසක් පළකොට ඇත.

 ඊට අමතරව මගේ අමාත්‍යාංශය දීර්ඝකාලීනව ක‍්‍රියාත්මක කරනු ලබන ‘‘දිරිය මංපෙත” වැනි වැඩසටහන් ද මම ඉතා සතුටින් සිහිපත් කරමි. ශ‍්‍රී ලංකාව පුරා විසිරී සිටින ව්‍යවසායක කාන්තාවන් තම ප‍්‍රදේශයට ආවේණික දේශීය සම්පත් ඇසුරින් සිය නිෂ්පාදන සඳහා යොමු කිරීම මෙම වැසඩසටහන හරහා සිදුවෙමින් පවතී. නව්‍ය සංකල්ප රැුසක් ඔස්සේ ශ‍්‍රී ලාංකීය කාන්තාව උදෙසා තවතවත් වැඩසටහන් රැුසක් හඳුන්වාදීම පසුගිය වසර පුරා සිදුවූ බව මම නිහතමානීව සඳහන් කළ යුතුය. එනමුත් සියලූ වැඩසටහන් පිළිබඳ තොරතුරු මෙවන් ලිපියක අන්තර්ගත කිරීම පහසු නොවේ.

 පසුගිය වසරේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති ජාතික කාන්තා දින සැමරුමට සමගාමීව දියණිවරුන් සඳහා ‘‘දියණිය, සුවපත් දිවියක් උදෙසා” මැයෙන් වැඩසටහනක් අප අමාත්‍යාංශය විසින් ඇරඹුණි. ගැහැණු දරුවන්ගේ සනීපාරක්ෂක අවශ්‍යතා සපුරමින් සුවපත් දිවියක් උදෙසා ඇයට සෙනෙහස තිළිණ කිරීම අප අමාත්‍යාංශය මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමේ අරමුණයි. දිවයිනේ දුෂ්කර පාසල් ඉලක්ක කර ගනිමින් ක‍්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා පෞද්ගලික අංශය ද දායකත්වය ලබා දීම පිළිබ`දව මම අගය කොට සිටිමි. ‘‘දියණිය” වැඩසටහන පාර්ලිමේන්තුවේ දී පවා අවස්ථා කිහිපයක දී ඇගයීමට ලක්විය.

 ‘‘අතිශයින්ම පිරිමින්ට පමණයි” නමින් ක‍්‍රියාත්මක කරනු ලබන විශේෂ වැඩසටහන ද පසුගිය වසරේ කාන්තා දින ජාතික සැමරුම් උත්සවයට සමගාමීව ආරම්භ විය. අතිශය නවමු සංකල්පක් පෙරදැරිව කාන්තාව සැබෑ ලෙස හඳුනාගැනීම සඳහා පිරිමි පාර්ශ්වයට අවස්ථාව සලසාදීම මෙම වැඩසටහන හරහා මම බලාපොරොත්තු වෙමි. ආරක්ෂක අංශ සහ පිරිමි පුද්ගලයන් සාමූහිකව කටයුතු කරන ආයතන ඉලක්ක කරගනිමින්, වැඩසටහන් මාලාවක් ලෙස ‘‘අතිශයින්ම පිරිමින්ට පමණයි” වැඩසටහන දිවයින පුරා ක‍්‍රියාත්මක වේ. මීට අමතරව ගර්භණී මාතාවන් සඳහා පෝෂණය සහ මානසික සුවය සැලසීමේ අරමුණින් ‘‘පළමු පාසල මව් කුසයි”, ‘‘මාතෘ වන්දනා” වැනි වැඩසටන් ද මාගේ රාජ්‍ය අමාත්‍යාංශය විසින් ක‍්‍රියාත්මක කරනු ලබයි.’’

 පෙර පාසල් විෂය පථය වෙනුවෙන් ඉතිහාසයේ ප‍්‍රථම වරට පිහිටු වූ අමාත්‍යාංශයේ විශය භාර අමාත්‍යවරයා වශයෙන් පෙර පාසල් ගුරුවරයාගේ අභිමානය න`ගාසිටුවීමේ අරමුණින් ”පෙර පාසල් ගුරු අභිමානී” වැඩසටහන අප අමාත්‍යාංශය මඟින් ආරම්භ කරන ලදී. ඒ අනුව මෙම වැඩසටහන හරහා රුපියල් 2500ක දීමනාවක් ලබා දීම, පෙරපාසල්වල භෞතික සම්පත් සුදුසු පරිදි සංවර්ධනය කිරීම, ගුරු භවතුන් මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන් බවට පත් කිරීම ආදී වූ විශාල වැඩ කොටසක් පෙර පාසල් විෂය පථය වෙනුවෙන් ඉටු කිරීමට ලැබීම විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මා ලද භාග්‍යයකි.

 21 වැනි සියවසෙන් එපිටට උදාවන නව තාක්ෂණික ලෝකය සමඟ පරිවාසගත දරුවන් සම්බන්ධ කිරීමේ උදාරතර අරමුණ පෙරදැරිව අප අමාත්‍යාංශය විසින් 2021 ලෝක ළමා දින සැමරුමට සමගාමීව ක‍්‍රියාත්මක කළ

 ”සිසු නැණ ප‍්‍රදීප” වැඩසටහන යටතේ ශ‍්‍රී ලංකාවේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන 700ක් සඳහා පරිගණක බෙදාදීම සිදුවිය. එම වැඩසටහන හරහා මෙරට ළමා සංවර්ධන මධ්‍යස්ථාන 379ක නේවාසිකව සිටින ළමයින් 10632 කට මාර්ගගත අධ්‍යාපනය බාධාවකින් තොරව කරගෙන යෑමට අවස්ථාව සැලසීමට අප අමාත්‍යාංශයට හැකියාව ලැබිණි.

 සශ‍්‍රීක මානව සම්පතක් උදෙසා පොතපත කියවන ජන සමාජයක් වෙනුවෙන් ”නැණ ප‍්‍රදීප’’ වැඩසටහන අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් කාර්යාල කාර්ය මණ්ඩලයේ විශේෂ මෙහෙයුමක් වශයෙන් ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව මම ලේකම් කාර්යාල කාර්ය මණ්ඩලයට මාගේ කෘතඥතාව පුදකර සිටිමි. අවම වශයෙන් එක් පොතක් හෝ පරිත්‍යාග කිරීමට මෙහිදී ඕනෑම අයකුට අවස්ථාව සැලසෙන අතර එලෙස ඒකරාශී වන පොත්පත් අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අවශ්‍යතාවය ඇති පාසල්වලට, ප‍්‍රජා සංවිධානවලට, පුස්තකාලවලට හා නිවෙස්ගත දරුවන් වෙත පරිත්‍යාග කිරීම සිදු කෙරිණි.

 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ

 ‘‘සෞභාග්‍යයේ දැක්ම” ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනුව ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක‍්‍රමවලින් පීඩාවට පත් කාන්තාවන් හඳුනාගැනීම සහ ඊට අදාළ දත්ත පද්ධතියක් සකස් කිරීම සහ ඔවුන්ට සහන සැලසීම ආදී ව්‍යාපෘතීන් ද අප රාජ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විට අරඹා ඇත. එසේම වතු අංශයේ කාන්තාවන් සවිබල ගැන්වීම, ළමා නිවාසවල සිට ඉවත් වන අවුරුදු 18 ඉක්ම වූ ගැහැනු ළමයින් සමාජගත කිරීම සඳහා ජීවනෝපාය හා සුබසාධන පහසුකම් ලබාදීම, විශේෂ රැුඳවුම් මධ්‍යස්ථාවල සිටින කාන්තාවන් සඳහා නිපුණතා පුහුණු වැඩසටහන් නියාමනය ආදී දැවැන්ත කාර්යභාරයක් මේ වන විටත් මාගේ ම`ගපෙන්වීම යටතේ අප අමාත්‍යාංශය විසින් ක‍්‍රියාත්මක කරයි.

 මෙවන් වටපිටාවක් තුළ ඉතිහාසයේ අන් කවරදාටත් වඩා නිර්මාණශීලීව සහ වේගවත්ව ඉලක්කයන් ජය ගැනීමට මාගේ අමාත්‍යාංශය වන කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට පසුගිය වසර තුළ හැකිවී ඇතැයි නිහතමානී සතුටකින් යුතුව මම ස`දහන් කරමි. මගේ සංකල්ප පෙරදැරිව ක‍්‍රියාත්මක වන මෙම වැඩසටහන් හා ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේ දී ශ‍්‍රී ලංකා කාන්තා කාර්යාංශය සහ ජාතික කාන්තා කමිටුව මූලිකත්වය ගෙන ක‍්‍රියා කරන ලදී. කොළඹින් බැහැර ව්‍යාපෘති රැුසක් ක‍්‍රියාත්මක කිරීමේදී ඒ ස`දහා කැපවුනු නිලධාරීන්ගේ දායකත්වය ද මා විශේෂිත කොට දක්වමි. එසේම රාජ්‍ය මූල්‍ය මත පමණක් පදනම් නොවුණු ඉකුත් වසරේ වැඩසටහන් වෙනුවෙන් පෞද්ගලික අංශය සහ සුබපතන්නන් දක්වා ඇති දායකත්වය ද සුළුපටු නොවන අතර එලෙස දායකත්වය දැක්වූ සියල්ලන්ට මාගේ ස්තූතිය පුදකර සිටිමි. මෙම සියලූ කරුණු ඔස්සේ 2022 ජාත්‍යන්තර කාන්තා දින සැමරුම කාන්තාව විෂයේ නවමු ඵලදායී රාජ්‍ය මැදිහත්වීමක් එක් කළ සන්ධිස්ථානයක් බව පැහැදිලි වනු ඇතැයි මම සිතමි. මා පෙර ස`දහන් කළ වැඩසටහන්වල දෙවන අදියර සහ ඒවායේ දිගුවන් මෙවර කාන්තා දිනයේ දී ඔබට දැකගැනීමට ලැබෙනු ඇත.

 එබැවින් 2021 ජාත්‍යන්තර කාන්තා දිනය සඳහා වූ අප අමාත්‍යාංශයීය තේමා පාඨය ”රටකි, දැයකි, ලොවකි ඇය” යන්න මෙවර 2022 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ද නොවෙනස්ව තබාගැනීමට අප අමාත්‍යාංශය කටයුතු කර තිබේ. මෙවර කාන්තා දිනය වෙනුවෙන් පවත්වනු ලබන්නේ එක් වැඩසටහනක් නොව දියවයින පුරා ක‍්‍රියාත්මක වැඩසටහන් මාලාවකි. ඒ අනුව මාර්තු 08 දින සිට අපේ‍්‍රල් මස අග දක්වා දිවෙන වැඩසටහන් මාලාව මවුවරුන්, දියණිවරුන්, ආබාධිත හා වයෝවෘධ කාන්තාවන් හා ව්‍යවසායක කතුන් ඇතුළු දැයේ සියලූම කාන්තා පාර්ශ්වයන් ඉලක්ක කර ගනිමින් ක‍්‍රියාත්මක කිරීමට මම ඇතුළු මාගේ අමාත්‍යාංශය කටයුතු සැලසුම් කර ඇති බව ඉතා සතුටින් ස`දහන් කර සිටිමි.


 මේ ගැනත් හිතමු…

 තවත් ජාත්‍යන්තර කාන්තා දිනයක්  අද අපි සමරන්නෙමු.

 සංඝමිත්තා තෙරණින් වහන්සේගේ වැඩම කිරීම විහාර මහා දේවිය, අනුලා දේවිය වැනි රට ජාතිය වෙනුවෙන් කැපවුණ ශ්‍රේෂ්ඨ වනිතාවන්ගේ අවංක හා නිර්භීත ව්‍යායාමයක් මෙන්ම ලොව ප‍්‍රථම අගමැතිනිය අප මාතෘ භූමියෙන් බිහිවීම මෙරට ආගමික, දේශපාලන, පරිපාලන, විද්වත් වෘත්තික ක්‍ෂේත‍්‍රයන්ට මෙන්ම සාහිත්‍ය කලාව වෙනුවෙන්ද කාන්තාවන්ගෙන් ලද අභිමානය මෙවැනි දිනෙක සිහිපත් කිරීම වචනයෙන් අතිශයින්ම වැදගත් වන්නේය.

 එහෙත් අපේ කාන්තා වටිනාකම් වර්තමාන සමාජය තුළින් ගිලිහීයෑමේ බරපතළ ඛේදජනක තත්ත්වයකට දැන් දැන් රට පත් වෙමින් තිබේ.

 වර්තමාන ජීවන අරගලය තුළ ගෘහ කාන්තාව ද පවුලේ ආදායම් උපයන්නා බවට පත්ව තිබේ. එහිලා ඔවුන් මුහුණදෙන ගැටලූ මෙන්ම ඇතැම් විට සිදුවන පවුල් සංස්ථාවල විවිධ දෙදරා යෑම් ද එමටය. පවුලේ මව හෝ පියා දිගු කාලයක් දරුවන්ගෙන් ඈත්ව ගත කිරීම ද බහුලව අපට පෙනෙයි. ඇතැම් දෙමව්පියෝ විදේශගතව සිටිති. දරුවා මවගෙන් අපේක්‍ෂා කරන ආදරය සෙනෙහස ම`ග පෙන්වීම රැුකවරණ අද මුදල හමුවේ ඈත්ව තිබේ. නිවෙස් තුළ පාසල තුළ සමාජ තුළ දරුවාගේ රැුකවරණය සඳහා මවට ඇති කාර්ය භාරය ඈත්වීම තුළ එම දරුවන් නොම`ග යෑම, මත්ද්‍රව්‍ය භාවිතාවන්ට යොමුවීම මෙන්ම දරුවන්ගේ අනාරක්‍ෂිත භාවය ද අපට දකින්නට තිබේ.

 මෙවන් තත්ත්වයක් අපට බැහැර කළ හැකිද?

 මේ සියල්ල මැද අපට අනුමත කළ නොහැකි යෝජනාද ඇතැම් කාන්තා මරණ තුළින් සමාජයට ගෙන එනු ලැබූ අවස්ථා ද අපට සිහිපත් වෙයි. මත්පැන් මිලදී ගැනීමට කාන්තාවන්ට අයිතිය, ඩොලර් හි`ගයට මෙන්ම රටට විදේශ විනිමය ලබා ගන්නට ‘‘ගංජා’’ වගාව නීත්‍යානුකූල කිරීම වැනි යෝජනා ද අපට අසන්නට ලැබුණි. ආසියාවේ විශාලතම ස්කාගාර නිෂ්පාදනාගාර පිහිටුවීමට විදේශිකයන්ට ඉඩම් අත්කර දීමට කැස කවන රටක එවැනි දේ වීම අරුමයක්ද විය නොහැක.

 අපේ මැතිසබය තුළ සිටි දැවැන්ත කාන්තා චරිත අපේ ඉතිහාසයේ සටහන්ව තිබේ. ඔවුන් තම මාතෘ භූමිය වෙනුවෙන් අභීතව තම ජව සම්පන්න හඬ අවදි කළේ රණබිමේ මුරදේවතාවියන් ලෙසිනි. අද සමාජ මාධ්‍ය ජාලා තුළද කාන්තාවන් පරිභවයට ලක් කිරීම වෙළෙඳ භාණ්ඩයක් ලෙසට පහත් ලෙස යොදා ගැනීම ද විවිධ දුරාචාරවල නිරූපනයක් බවට පත් කිරීම ද වැළැක්වීමට ක‍්‍රියා කළ යුතු බව පැවසිය යුතුමය. අපේ රටේ ශී‍්‍ර විභූතිය උතුම් කාන්තා චරිත තුළින් එදා ප‍්‍රභාමත්වීම අද වැනි දිනෙක සිහිකරමින් ඔවුනගේ ගෞරවය හා වටිනාකම් ආරක්‍ෂා කරලීමට උතුම් මාතෘත්වයේ නාමයෙන් අදිටන් කරගත යුතු වන්නේය.

රටකි, දැයකි, ලොවකි  ඇය...!



 මිතුරු මිතුරෝ’’ අධ්‍යක්‍ෂ
 කුප්පියාවත්තේ බෝධානන්ද හිමි

advertistmentadvertistment
advertistmentadvertistment