ප්‍රවේශමෙන්! රට පුරාම හොර දොස්තරලා පනස්දහසක් – GMOA කියයි

74

රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 50,000ක් පමණ සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම තත්ත්වය නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනතෙක් කිසිදු පියවරක් ගෙන නැතැයි පෙරේදා (26දා) කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී එම සංගමය චෝදනා කළේය.

සෑම නගරයකම ආසන්න වශයෙන් ව්‍යාජ වෛද්‍යවරුන් තිදෙනකු පමණ සිටින බවත්, ඔවුන්ගේ නියමයන් මත ඔසුසල්වලින් ඖෂධ නිකුත් කිරීම රෝගී ජීවිත උගසට තැබීම හා සමාන බවත්, එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.

වෛද්‍ය නිර්දේශවලින් තොරව ඖෂධ නිකුත් කිරීමට ඇතැම් ඖෂධ හල් ක්‍රියාකිරීම හේතුවෙන් සෞඛ්‍ය සේවයට දැඩි තර්ජනයක් එල්ල වී ඇතැයි ද එම සංගමය සඳහන් කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment