පිටකොටුවේ ගින්නෙන් 25 ක් මුදාගත් ගිනි නිවීමේ 58 කට – නගර සභාවෙන් උපහාර

186

පිටකොටුව දෙවැනි හරස් වීදියේ සයමහල් රෙදිපිළි වෙළෙඳ සංකීර්ණයක හටගත් ගින්නට මැදිවූ පුද්ගලයන් 25 දෙනකු මුදාගෙන රෝහල්ගත කළ කොළඹ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානි නිලධාරීන් ඇතුළු භටයින් 58 දෙනාහට උපහාර පිදීමක් ඉදිරි දින දෙක ඇතුළත සිදුකරන බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රාණි ජයවර්ධන මහත්මිය ‘දිවයින’ ට ඊයේ 29 වැනිදා පැවැසුවාය.

ඔවුන් එම ජීවිත මුදාගැනීමට සිදුකළ මෙහෙය අතිවිශිෂ්ඨ බවද ඇය සඳහන් කළාය.

මෙම ගින්න නිවා දැමීමේ මෙහෙයුමට ගිනි නිවීමේ රථ 13 ක් යොදා ගත් අතර, මුදාගැනුනු රෝගීන් රෝහල්ගත කිරීමට එම දෙපාර්තමේන්තුවේ ගිලන් රථ 7 ක් යොදාගනු ලැබිණි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment