පිටි හා අමුද‍්‍රව්‍ය මිල ඉහළ යෑමෙන් බේකරි නිෂ්පාදකයන් හාන්සියි

218

වෙන්නප්පුව, දංකොටුව ප‍්‍රදේශවල පාරම්පරිකව පාන් ඇතුලු අනෙකත් කෑම නිෂ්පාදන කටයුතුවල නිරතවූ පිරිස් තිරිඟු පිටි මිල හා අමුද්‍රව්‍ය මිල හිටිහැටියේ අවස්ථා කීපයකදීම ඉහළයෑම හේතුවෙන් සහ වෙනත් දුෂ්කරතා නිසා අදවනවිට අන්ත අසරණව පාන්කියා ගන්නා බැරි තත්ත්වයක පසුවෙමින් සිටිති.

රුපියල් 5000/-ක්ව තිබූ තිරිගූ පිටි කිලෝ 50 ක මිටියක් හිටිහැටියේ රුපියල් 7500/-ක් දක්වා ඉහළයෑම රුපියල් 30,000ක්ව තිබූ යාර 15 කින් යුත් දර ලොරියක් දැන් රුපියල් 35,000ක්වීම හා සේවක ගැටලු ඇතුළු අළෙවිය පහතයෑම හේතූවෙන් මෙම නිෂ්පාදකයන් අදවනවිට කබලෙන් ළිපට වැටී ඇත.

මේ සම්බන්ධව මාධ්‍යයට අදහස් දැක්වූ පාරම්පරික පාන්පිටි ආශි‍්‍රත කෑම නිෂ්පාදයෙකු වන ලුණුවිල ජයමාවතේ අංක 23 හි පදිංචි හෙට්ටි ආරච්චිගේ කිත්සිරි මහතා මෙසේ කීය.

අමුද්‍රව්‍ය මිල දවසෙන් දවස ඉහළ ගියත් පාන් ඇතුලු වෙනත් නිෂ්පාදනවල මිල ඉහළ දමන්න බැහැ. එහෙමවුනොත් පාරිභෝගික ජනතාව අපෙන් තවදුරටත් ඈත්වෙන දිනය වැඩි ඈතක නෑ. අද තියෙන මිල හෙට වෙනස්වීම හේතුවෙන් අපි අද අන්ත අසරණයින් වෙලා.

පාන්පිටි ආශි‍්‍රත කෑම නිෂ්පාදකයකු වන ලුණුවිල-හාල්දඩුවන ඉද්දමල්පුර පදිංචි

ගල්ගොඩගේ දොන් අජන්ත මහතා මෙසේ කීය. අපේ පාරම්පරික ව්‍යාපාරය හරිහැටි කරගෙන යන්න නම් පවතින කුමන හෝ රජයක් උදව් උපකාර කළයුතුවුවත් ඒක වෙන්නෙ නැහැ. පාන්පිටි මිල දවසින් දවස ඉහළ යනවා මදිවට අවශ්‍ය තරම් පිටි

ලබාගන්නවත් බැහැ. දර මිල අහස උසට ගිහින්. දිනක් වැඩ කරන සේවකයෙකුට කෑමබීම දී දිනකට රු-2000/- ත් රු-2500/-ත් අතර මුදලක් ගෙවන්න ඕන. අපට සහනයක් නුදුන්නොත් බේකරි කර්මාන්තයත් කඩා වැටෙනවා.

කිරිමැටියාන – ඇන්ටනි රෝස්

advertistmentadvertistment
advertistmentadvertistment