පියා ඇරඹූ ඇඟළුම් කම්හල් කුහක දේශපාලකයින්ට පිළිතුරු දී තිබෙනවා

28

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස
අනුරාධපුර කැකිරාව බස්තියන් ද සිල්වා මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමරයක්

මේ වනවිට රට පවතින්නේ අමාරු තැනක බවත් ඉන් රට ගොඩ ගැනීමට නම් අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන කර්මාන්ත ප්‍රතිපත්තියක් තුළින් මෙන්ම තොරතුරු තාක්ෂණ, අපනයන හා සෘජු විදේශ ආයෝජන ලබාගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එබැවින් දේශපාලන කුහකත්වයෙන් තොරව මේ ප්‍රතිපත්ති මහපොළොවේ යථාර්ථයක් බවට පත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසිය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉකුත් 19 වැනිදා අනුරාධපුර කැකිරාව බස්තියන් ද සිල්වා මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ වැඩසටහනේ 106 වැනි අදියර යටතේ රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

යමෙක් රටට දේශයට මාතෘභූමියට අගයක් එකතු කරන විට එයට සහයෝගය ලබා දීමට සැවොම එකා මෙන් එකට එකතු විය යුතු බවත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ කර්මාන්තශාලා ගිනිතියන්න එවක කුහක දේශපාලනයේ නිරත පිරිස කටයුතු කළත් අද එම කර්මාන්ත ශාලා ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ හදවත බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටක් ලෙස ගොඩ ඒමට නිෂ්පාදන ධාරිතාව වැඩි කළ යුතු බවත් රුපියල් හා ඩොලර් ගැටලුවට විසඳුම් ලබාදිය යුතු බවත් ඒ සඳහා සුපුරුදු රාමුවෙන් පිටපැන අලුතින් සිතිය යුතු බවත් නිර්මාණශීලි විය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 106ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1055ක් වැය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment