බස් ගාස්තු ඉහළට  – සියයට 20 කින් ඉල්ලූවට දෙන්නේ 14-15% අතර ගාණක්

283

* අවසන් තීරණය අද කැබිනෙට්ටුවේදී

* අවම ගාස්තුව රු. 20ක් වෙන ලකුණු


බස් ගාස්තු ඉහළ දමනවාද? ඞීසල් සහනාධාරයක් ලබා දෙනවාද යන්න සම්බන්ධයෙන් අද (14ද) සවස පවත්වන කැබිනට් හමුවේදී තීරණයක් ගන්නා බව ප‍්‍රවාහන ඇමැති දිලූම් අමුණුගම මහතා පැවැසීය.

බස් ගාස්තුව සම්බන්ධයෙන් බස් සංගම් සමඟ ඊයේ (13දා) සාකච්ඡුාවක් පැවැත්වූ බවත්, මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගෙන සිදුකළ සාකච්ඡුාවේදී ඉහත කාරණා දෙකම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් බවත් අමුණුගම මහතා කීය.

බස් සංගම් විසින් සියයට 20 කින් බස් ගාස්තු වැඩිකරන ලෙස ඉල්ලා සිටියත් සියයට 14 ත් 15 ත් අතර ගණනකින් වැඩිකිරීමට එකඟතාවයකට පැමිණීමටත් අවම ගාස්තුව රුපියල් 20 ක සීමාවට පැමිණීමටත් සාකච්ඡුා කළ බවද ඇමැතිවරයා කීය.

බස් ගාස්තු වැඩිකිරීමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තද ගමනාගමන කොමිෂන් සභාව මගින් ගාස්තුවලට අදාළ ගණනයන් සිදුකර ප‍්‍රකාශයට පත්කිරීමට දින දෙක තුනක් ගතවන බවද ඇමැතිවරයා කීය.

එතෙක් මගීන්ගෙන් වැඩිපුර බස් ගාස්තු අයකර ගැනීමට බස් හිමියන්ට නොහැකි බවත් බස් ගාස්තු සංශෝධනයෙන් පසු ලංගම සහ පෞද්ගලික බස් රථවලට එම ගාස්තු අයකළ හැකි බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

අප මේ සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගෙන් විමසූ විට මෙසේ පැවැසීය.

දිලූම් අමුණුගම ඇමැතිතුමා එක්ක පැවැති සාකච්ඡුාවේදී එතුමා එකඟ වුණා අද (14 වැනිදා) මධ්‍යම රාත‍්‍රියේ ඉ`දලා බස් ගාස්තුව සංශෝධනය කරන්න. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරි මහත්වරුනුත් හිටියා. අපි කිව්වා අවම බස් ගාස්තුව රුපියල් 20 ක් කරන්න කියලා. ඒ අනුව බස් ගාස්තු සංශෝධනය අද දවසේ දී ජාතික ගමනාගමන කොමිසම බස් ගාස්තු සංශෝධනය ලබාදෙයි කියලා හිතනවා.

අද රැුකියාවලට යන අයට, පාසල් යන දුවා දරුවන් වෙනුවෙන් පුළුවන් තරම් බස් ධාවනය කරන්න කියලා ඉල්ලා සිටියා. නමුත් කොහොම වේවිද දන්නේ නැහැ. මොකද ඉන්ධනත් නැහැනේ. බස් රථ දුවපල්ලා කියලා අපිට බලපෑම් කරන්න බැහැනේ. අනිත් එක ෂෙඞ්වල ඉන්ධන නැහැ. මේ තත්ත්වය තුළ බස් රථ රියැදුරන් බස් රථ දුවයිද කියලා කියන්න බැහැ. ඉන්ධන නැතුව බස් දුවන්න බැහැ.

චමින්ද සිල්වා, අකිත පෙරේරා සහ ප‍්‍රදීප් සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment