බහුදින ධීවර යාත්‍රාවක් අකුරලට ගොඩ ගසයි

82

පසුගිය 05 දින ප.ව. 6.00 පමණ අම්බලන්ගොඩ අකුරල ප්‍රදේශයේ මුහුදේ මීටර් 50 ක් පමණ දුරින් බහුදින ධීවර යාත්‍රාවක් ගොඩගසා ඇති බවට ප්‍රදේශවාසීන් විසින් දැක අම්බලන්ගොඩ පොලිසියට සහ අම්බලන්ගොඩ ධීවර වරායේ රාජකාරි නියුතු වෙරළ ආරක්ෂක නාවිකයන් දැනුවත් කර ඇති බව අම්බලන්ගඩ පොලිසිය කියයි.

පසුව මේ පිළිබඳව සොයාබැලීමේදී මෙම බහුදින යාත්‍රාව පසුගිය 02 වන දින හලාවත ප්‍රදේශයෙන් ධීවර රැකියාවේ ගොස් තිබූ රන්දිල් පුතා 04 නැමැති බහුදින ධීවර යාත්‍රාව බවත් එය 2023/06/03 වන දින දකුණු මුහුදු ප්‍රදේශයේදී නෞකාවක ගැටී අනතුරට පත්ව ඇති බවත් මෙහිදී එහි සිටි ධීවරයින් 07 දෙනෙකු බේරුවල ධීවර වරායෙන් ධීවර රැකියාවේ ගොස් සිටි ධීවරයින් විසින් බේරාගෙන බේරුවල ධීවර වරායට රැගෙනවිත් ඇති බවත් බහුදින ධීවර යාත්‍රාව රැගෙනඒමට නොහැකිව ඇතහැර දමා ඇති බවත් එම ධීවර යාත්‍රාව ඉහත මුහුදු ප්‍රදේශයට ගොඩගසා ඇති බවටත් අනාවරණය වූ බව පොලිසිය කියයි.

නියාගම විල්සන්ට් විජේසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment