බිලියන 6.54 ක විදුලිය පෞද්ගලික බලාගාරවලින් අරන් – විගණනයෙන් හෙළි වෙයි

97

නව විදුලි ජනන බලාගාර ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සැලකිය යුතු ලෙස පහත වැටීම නිසා 2021 වර්ෂයේ දී රුපියල් බිලියන 6.54ක් වටිනා ගිගාවොට් පැය 267.17ක අතිරේක විදුලිබලයක් පෞද්ගලික විදුලිබලාගාරවලින් මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවී ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ඉකුත් වසර 04ක කාලයේ දී මෙගාවොට් 2,032ක ධාරිතාවයකින් යුත් නව ජනන විදුලිබලාගාර ක්‍රියාත්මක කිරීමට සැලසුම්කොට තිබුණි. කෙසේවුවද මින් සපයා ගැනීමට හැකිවී ඇත්තේ මෙගාවොට් 661.6ක විදුලිබල ධාරිතාවයක් පමණක් බව ද විගණනය මගින් අනාවරණය කර ඇත. මේ නිසා සැලසුමේ අරමුණු වූ අඩු පිරිවැයකින් යුත් විදුලිබලය සැපයීම ඉටුකර ගැනීමට නොහැකි වී තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් දීර්ඝකාලීන විදුලි බලය පුළුල් කිරීමේ සැලසුම් සකස් කළ ද මෙකී සැලසුම්වල හඳුනාගෙන ඇති මෙවැනි බලාගාර
සංවර්ධනය කිරීම සඳහා විදුලිබල මණ්ඩලයට තනිව බලයක් නොමැති බව විදුලි බල මණ්ඩලයේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment