බොරැල්ල කනත්ත ආදාහනාගාරයේ විදුලි රැහැන් කපාගෙන ගිහින්

362

බොරැල්ල කනත්තේ නව ආදාහනාගාරය අවට තිබෙන විදුලි රැහැන් සියල්ලම මත්කුඩු ලෝලීන් විසින් කපාගෙන ගොස් ඇතැයි කොළඹ මහනගර සභා සේවකයෙක් ‘දිවයින’ට පැවසීය.

මෙම තත්ත්වය නිසා ආදාහනාගාරයේ ආරක්‍ෂාවට මෙන්ම අතුරු මාර්ගවල ද සවිකර තිබෙන විදුලි පහන් සියල්ලම අක්‍රියවී ඇත.

සතියකට උඩදී මෙම සිද්ධිය වී ඇත. මේ වන තෙක් පාලනාධිකාරිය එයට කිසිදු විසඳුමක් ලබාදීමට අපොහොසත් වී ඇතැයිද හෙතෙම කියා සිටියේය.

බොරැල්ල කනත්තේ ආරක්‍ෂාව තර නොකළ හොත් ආදාහනාගාරය ද අනාරක්‍ෂිත තත්ත්වයකට පත්විය හැකි බවද හෙතෙම තවදුරටත් කීය.

අප මේ සම්බන්ධයෙන් කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මියගෙන් විමසා සිටි විට කියා සිටියේ තඹ කම්බි ලබාගැනීමට සොරුන් ඒවා සොරාගෙන ගොස් ඇති බවය.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවද ඇය වැඩිදුරටත් කීවාය.

ඇන්ටන් ප්‍රනාන්දු සහ යූ. කේ. අබේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment