මහජන බැංකුවේ ඩිජිටල් බැංකු ගනුදෙනුකාර සංඛ්‍යාව මිලියන දෙක ඉක්මවයි

60

ශ්‍රී ලාංකීය බැංකු සහ මුල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන මහජන බැංකුවේ ඩිජිටල්කරණ ගමන් මග තුළ සුවිශේෂි සන්ධිස්ථානයක් සනිටුවහන් කරමින් සිය ඩිජිටල් බැංකුකරණ පහසුකම් සඳහා ලියාපදිංචි වි ඇති ගනුදෙනුකරුවන් පිරිස මිලියන දෙක පසුකරනු ලැබීය.

ඒ අනුව 2023 අගෝස්තු 31 වැනි දින විට, බැංකුව සිය අන්තර්ජාල බැංකු පහසුකම, ජංගම බැංකුකරණ යෙදවුම සහ People’s Pay Wallet App හරහා මිලියන 2කට අධික ගනුදෙනුකරුවන් ප්‍රමාණයක් සඳහා ඩිජිටල් බැංකු සේවා සාර්ථකව සක්‍රීය කර, ඔවුන්ට නව්‍ය හා සුවපහසු බැංකු පහසුකම් ලබාගැනිමේ අවස්ථාව සලසා ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ‘ශ්‍රී ලංකාව තුළ සීඝ්‍රයෙන් සිදුවන ඩිජිටල්කරණ ක්‍රියාවලියට සහ අපගේ වටිනා ගනුදෙනුකරුවන්ගේ වෙනස්වන අපේක්ෂාවන්ට අනුගත වෙමින් මෙරට ජනතාවගේ ඩිජිටල්කරණ අවශ්‍යතා සපුරාලීමට පුරෝගාමි වීම ගැන අප සතුටට පත්වනවා. මේ වන විට මිලියන 2කට අධික ගනුදෙනුකරුවන් ප්‍රමාණයක් වෙත සමිප වී ඇති අපගේ ඩිජිටල් කණ්ඩායම විසින් ගනුදෙනුකාර පහසුව හා ආරක්ෂාව වැඩි දියුණු කිරීමේ අරමුණින් තම නව මුලපිරීම් අඛණ්ඩව සිදුකරනවා. ගනුදෙනුකරුවන් අතර අපගේ අන්තර්ජාල බැංකුකරණ පහසුකම් සහ ජංගම දුරකථන යෙදවුම් මෙතරම් ජනප්‍රිය වි ඇත්තේ ඒ නිසයි.’

මහජන බැංකුවේ අන්තර්ජාල සහ ජංගම බැංකුකරණ සේවා පුද්ගලික සහ ආයතනික ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි නිර්මාණය කර ඇත. People’s Wave ජංගම දුරකථන යෙදවුම, People’s Web අන්තර්ජාල බැංකු පහසුකම, People’s Pay wallet app ආදි නිමැයුම් තනි පුද්ගල ගනුදෙනුකරුවන්ගේ බැංකු අවශ්‍යතා සපුරාලන අතර, People’s Wyn ජංගම දුරකථන යෙදවුම සහ People’s Web ආයතනික අන්තර්ජාල බැංකුකරණ සේවාව, ආයතනික ගනුදෙනුකරුවන් වෙනුවෙන් නිර්මාණය කර ඇත.

මහජන බැංකුවේ 2,000,000 වැනි ඩිජිටල් ගනුදෙනුකාරිනිය වන සාරංගා මධුරසිංහ මහත්මිය, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන් සමඟ. තොරතුරු තාක්ෂණ ප්‍රධානි ධම්මික දාසා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) ටී.එම්.ඩබ්ලිව්.චන්ද්‍රකුමාර, ප්‍රධානි (යෙදවුම් පද්ධති) එස්.ඒ. සමරකෝන් සහ ඩිජිටල් ප්‍රධානි මංගල කාරියවසම් යන මහත්වරුන්ද ඡායාරුපයේ වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment