මහින්දානන්දට එරෙහි නඩුව ජනවාරි 22දාට කල් යයි

56

අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ සමයේ අයුතු ලෙස උපයාගත් රුපියල් ලක්‍ෂ 274ක මුදලක් යොදවා බොරැල්ල ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජනවාරි 22 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (9 දා) නියෝග කළේය.

පාර්ලිමේන්තුවේ පැවැති විශේෂ විවාදයකට සහභාගි වීමට නියමිත බැවින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා (9 දා) අධිකරණයට නොපැමිණෙන බවට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්වරයා විසින් ලිඛිතව අධිකරණයට කර තිබූ දැනුම් දීමක් සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය. ජ්‍යෙෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ මහතා පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්වරයාගේ එම ලිපිය අධිකරණයට ඉදිරිපත් කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment