මළබද්ධයට බලපාන හේතු

1876

නිසි ලෙස දිනපතා මළපහ පිටනොවන විට බොහෝදෙනා පවසන්නේ බඩ වේළලා යැයි කියාය. මෙලෙස නිසි ලෙස මළපහවීම හෙවත් බහිශ්‍රාවීය ද්‍රව්‍ය අක්‍රමවත් ලෙස පිටවීම මළබද්ධය ලෙස හඳුන්වනු ලබයි.

මළබද්ධයට බලපාන හේතු

සෑම පුද්ගලයකුගේම සිරුරින් බහිශ්‍රාවීය ද්‍රව්‍ය පිටවන ක්‍රම නවයක් ඇත. මළපහවීම යනු ඉන් එක් බහිශ්‍රාවීය ද්‍රව්‍ය පිටවන ආකාරයකි.

අප ගනු ලබන ආහාර අමාශය තුළදී හොඳින් ජීර්ණය වී එහි ඇති පෝෂණ කොටස් මහ බඩවැල සහ කුඩා බඩවැල තුළදී සිරුරට උරා ගැනීමෙන් පසු ඉතිරිවන අපද්‍රව්‍ය ගුදමාර්ගය ඔස්සේ පිටව යයි. මෙම ක්‍රියාවලිය නිසි ලෙස සිදුවීමට බාධා ඇති කරන හේතු ගණනාවක් ඇත. ඉන් එක් හේතුවක් වනුයේ අපගේ ශරීරයේ උෂ්ණත්වය ඉහළ මට්ටමක පැවතීමය. මෙය ආයුර්වේදයේ රත්තයා හෙවත් රක්ත ප්‍රමේහය ලෙස හඳුන්වයි. බටහිර වෛi ක්‍රමයේදී එය ආතරයිටීස් ලෙස හඳුන්වයි.

දිගු කාලයක් තිස්සේ යම් රෝගයක් සඳහා ගනු ලබන ඖෂධවල බලපැම, දියවැඩියාවෙහි පූර්ව ලක්ෂණයක් ලෙස අප ගනු ලබන ආහාරවල බලපෑම සහ දිනපතා අප පානය කරන ජලය ප්‍රමාණයෙහි අඩුකම නිසා ද මලබද්ධය ඇතිවිය හැකිය.

අප ගනු ලබන ආහාර අතර පිටි සහිත ආහාර, රසකාරක යෙදූ ක්‍ෂණික ආහාර වර්ග නිතර නිතර භාවිතය නිසා ඉතා පහසවෙන් මළබද්ධය හටගනී.

බළබද්ධය ඇතිවූ විට

යම් පුද්ගලයකුට මළබද්ධය ඇතිවූ විට නිසි ලෙස දිනපතා මළපහවීම සිදු නොවේ. මළපහ කිරීමේදී දැඩි ආයාසයක් ගැනීමට සිදුවේ. පිටවන මළපහ ද වියළිව පිටවේ. මළපහ කිරීමේදී වේදනාවෙක් ඇතිවේ. බඩපුරවා දැමීම, ආහාර අරූචිය, ආහාර ගත් විගස ඔක්කාරයට එන බවක් දැනීම, ඇඟපත වේදනාව ආදී රෝග ලක්ෂණ මතුවේ.

මළබද්ධය නැතිකර ගැනීම

මළබද්ධය නැතිකර ගැනීම සඳහා ප්‍රධාන වශයෙවන්ම දිනපතා නිසි ලෙස ජලය පානය කළ යුතුය. වැල්කොහිල සම්බෝලයක් ලෙස සකසා ආහාරයට ගැනීම, කොහිල ව්‍යංජනයක් ලෙස සකසා හෝ කැඳ ලෙස පානය කළ හැකිය. යකිනාරං කොළ, එළබටු කොළ, ඇත්තෝර කොළ, පැණිතෝර කොළ, පෙනෙළ කොළ, ෆැෂන් ෆෘට් කොළ, තෙබු කොළ ආදී කොළවලින් සාදාගත් මැල්ලුමක් දිනපතා ආහාරයට ගැනීම ගුණදායකය. කෙඳි සහිත ආහාර ලෙස කැරට්, ඇඹරැල්ලා, පතෝල, වැටකොළු ආදිය ආහාරයට එක්කර ගත හැකිය. කොමඩු, පිපිඤ්ඤා ආදී ජලය සහිත ආහාර ගැනීම කළ හැකිය.

මෙම ආහාර වර්ග ගැනීම නිසා මල නිසි ලෙස පැසවා කැටිගැසීමෙන් තොරව පිටවේ.

තේ, කෝපි පානය වෙනුවට බෙලිමල්, කොත්තමල්ලි ආදී පාන වර්ග ගැනීම කළ හැකිය. එවිට සිරුරේ පවතින උෂ්ණාධික බව ද පාලනය වේ. බෙලි, මළබද්ධය නැතිකිරීම සඳහා දිව්‍ය ඖෂධයක් වැනිය. එනිසා මළබද්ධය ඇති අය බෙලි ආහාරයට ගැනීම ඉතා ගුණදායකය.

දිනපතා ස්නානය ද මළබද්ධය ඇති අයට වැදගත්ය. එමගින් සිරුරේ උෂ්ණ බව පාලනය වේ.

ඇඹුල් කෙසෙල්, ගස්ලබු වැනි පලතුරු වර්ග ද මළබද්ධය නැතිකිරීම සඳහා ගුණදායකය.

මළබද්ධය සඳහා ඇතැම්දෙනා බඩ විරේක කිරීම, වස්ති කිරීම ආදිය සිදු කරයි. එහිදී මළබද්ධය ඇති පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිසි පරීක්‍ෂාවකට ලක්කිරීමෙන් පසු එය සිදු කළ යුතුය.

මළබද්ධය සඳහා නිසි ප්‍රතිකාර සිදුකිරීම පමාවීම නිසා, මළ කැටිගැසී බඩවැල් තුළ දිගු කලක් පැවතීමෙන් බඩවැල් පපුරා යෑම, බඩවැල්හි තුවාල ඇතිවීම, පිළිකා තත්ත්ව හටගැනීම ආදිය සිදුවිය හැකිය.

වැඩිදුර තොරතරු සඳහා දුරකථන අංක 011250121 ඇමතිය හැකිය.

මළබද්ධයට බලපාන හේතු

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය මහාචාර්ය
කේ. ආර්. අල්විස් වෙදගෙදර,
සුසිලාරාම පාර, මාලබේ.
සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment