ගොඩක් අය හිතාගෙන ඉන්නෙ – මම උස මහත කෙනෙක් කියල – අශාන්‍යා ප්‍රේමදාස

170

පොඩිකාලේ ඉඳන්ම ෆැෂනබල්

අශාන්‍යා ප්‍රේමදාස සංගීත ක්‍ෂේත්‍රයට පය තියන්නෙ ද වොයිස් ටීන් වේදිකාව හරහා’ එතනින් එළියට ආපු ඇය ‘දැන දැන’” ‘මත්කර හැන්දෑවේ’ වගේ ගීත හරහා රසිකයන්ගේ හදවතට කතා කරන්න සමත් වුණා’ ‘රෝස යායේ’ අශාන්‍යාගේ අලුත්ම ගීතය’ අපි අහල බලමු ඇයගෙන්” මේ ගැන වැඩිදුර තොරතුරු මොනවාද කියල.

ගොඩක් අය හිතාගෙන ඉන්නෙ - මම උස මහත කෙනෙක් කියල - අශාන්‍යා ප්‍රේමදාස

● අශාන්‍යා” ඔබේ අලුත්ම ගීතයෙන් මේ කතාබහ පටන්ගත්තොත්?

මගේ අලුත්ම ගීතය නම් කළේ ‘රෝස යායේ’ කියල’ සිරස ටීවී නිෂ්පාදනයක් ලෙසින් තමයි එළිදැක්වුණේ’ පද රචනය මනුරංග විජේසේකර” තනු නිර්මාණය දිනේෂ් ගමගේ” සංගීතය ගයාන් රැන්ඩි” මියුසික් වීඩියෝව නිර්මාණය කළේ සංදේශ් බණ්ඩාර.

● ප්‍රසංග වේදිකාවට ලැබෙන ආරාධනා ගැන කතා කළොත්?

දෙසැම්බර් මාසයේ වැඩිපුර ප්‍රසංග පැවැත්වෙන නිසා ආරාධනාත් වැඩියෙන් ලැබෙනව. ඒ අනුව වෙනදාට වඩා ප්‍රසංගවලට සහභාගි වෙන්න අවස්ථාව ලැබෙනව.

ගොඩක් අය හිතාගෙන ඉන්නෙ - මම උස මහත කෙනෙක් කියල - අශාන්‍යා ප්‍රේමදාස

● වැඩිපුර ආරාධනා ලැබෙන්නෙ ගෘහස්ථ ප්‍රසංගවලටද” එළිමහන් ප්‍රසංගවලටද?

දැනට මට ලැබිල තියෙන සහ ලැබෙන ආරාධනා ගැන බැලුවම වැඩිපුරම ආරාධනා එන්නෙ එළිමහන් ප්‍රසංගවලට. ඊට සාපේක්‍ෂව ගත්තාම ගෘහස්ථ ප්‍රසංගවලට ලැබෙන ආරාධනා අඩුයි.

● පසුගිය කාලයේ ඔබ එළිදැක් වූ ගීතවලට ලැබුණ ප්‍රතිචාර මොන වගේද?

මම දැනට ගීත තුනක් එළිදක්වා තියෙනව. මේ ගීත තුනටම ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා වගේම දැනට සති තුනකට කළින් ‘දැන දැන. නමින් එළිදැක් වූ ගීතය ටේ‍රන්ඩින් වුණා.

● කෙටි කලකින් ඔබ වැඩි ප්‍රසිද්ධියක් ලැබුවා?

ඔව්” මම මේ ක්‍ෂේත්‍රයට ඇවිත් තවම ගත වුණේ අවුරුද්දක කාලයක්. ඒ කාලය ඇතුළත මම ලොකු දුරක් ආවා. ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටුයි. හිතුවෙ නැහැ කෙටි කලක් තුළ මෙපමණ දුරක් එන්න ලැබෙයි කියල. ඒ වගේම තවත් ගොඩක් දුර යන්න තියෙනව.

● වොයිස් ටීන් තරගයෙන් කරළියට එන අශාන්න්‍යා” එදා සහ අද වෙනස දකින්නෙ කොහොමද?

ඇත්තටම එදා සහ මෙදා ගැන කතාකළොත් ලොකු වෙනසක් තියෙනව. තරඟය තුළ ඉන්නකොට මට දැනුණෙ නැහැ මේ තරම් ආදරයක් තරඟයෙන් පස්සෙත් මට දිනාගන්න ලැබෙයි කියල. නමුත් අද මට ඒ රසික ආදරය ලැබෙනව. එදා මට සහයට බොහෝ දෙනෙක් හිටියා. අද මම තනිවම මේ ගමන යන්නෙ. නමුත් රසික ආදරය මාව තනිකරලා නැහැ.

● කොන්සර්ට් එකක් කරන්න අදහසක් නැද්ද?

එකවරම එහෙම දෙයක් කරනවාට වඩා මම හිතනව මගේ නම තවත් හදාගන්න ඕනා කියල. කාලයත් එක්ක දැන් මම ඒකට සුදුසුයි කියල හිතුණොත් එදාට මම මගේම ප්‍රසංගයක් කරනවා.

● පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය?

මම ගීත ගායනයට යොමු වෙන්නෙ අවුරුදු පහේදී. ඒ කතාලේ පටන්ම පවුලේ අය මට ලොකු සහයෝගයක් ලබා දෙනව. මගේ අම්මා තමයි මාව මියුසික් වොයිස් ටේ්‍රනින් සඳහා යොමු කළේ. මගේ කැමැත්ත” ආසාව වෙනුවෙන් එයාල පුළුවන් හැම සහයෝගයක්ම එදා පටන් අද දක්වාම මට ලබා දෙනවා.

● ඔබේ පියා දක්‍ෂ මෝටර් රථ ධාවකයෙක්. ඒ පැත්තට යොමු වෙන්න අදහසක් තිබුණෙ නැද්ද?

මෙහෙමයි” මගේ මූලික අරමුණ වුණේ ගායිකාවක් වීම. ඊට අමතරව ගෝකාටින්වලට මම දැනටමත් යොමු වෙලා ඉන්නවා. ඒෂියා පැසිපික් චැම්පියන්ෂිප් තරගයට සහභාගි වෙන්න අපි මැලේසියාවට ගියා. ලංකාව වෙනුවන් මම ඒ තරගයට ඉදිරිපත් වුණා.

● ඔබේ රසිකයන් මොකද කියන්නෙ?

මාව දැකල නැති බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නෙ මම හරිම උස මහත කෙනෙක් කියල. ඉතිං දකින අය මුලින්ම කියන්නෙ අපි හිතුවෙ නැහැ ඔයා මේ තරම් පොඩියි කියල” කියලයි. ඊට අමතරව මගේ මියුසික් වලට කැමති කියල වගේම මග වෝකල් ටොන් එකට කැමතියි කියලත් ගොඩක් දෙනෙක් කියනව.

● කැපිලි කෙටිලි තිබුණද?

ඒ වගේ දේවල් නම් ගොඩක් තියෙනව. මං හිතන්නෙ හැම ක්‍ෂේත්‍රයකම මේ වගේ දේවල් වෙනව. නමුත් ඒවාට අපි ශක්තිමත්ව මුහුණ දෙන්න ඕන. අපි කෙනෙකුට වරදක් කරල නැත්නම් බයවෙන්න දෙයක් නැහැ.

● ඔබ කෙනෙක්ව අනුකරණය කරනවා කිව්වොත්?

ඔව්” මම ලතින් ඇමරිකන් ආටිස්ට් කෙනෙක්ව අනුකරණය කරනවා. ලංකාවේ මගේ ගුරුවරිය අශාන්ති ද අල්විස්.

● අශාන්‍යා විලාසිතා ගැන බොහොම උනන්දුයි?

අපේ අම්මා කියන්නෙ පොඩිකාලේ ඉඳන්ම මම ගොඩක් ෆැෂනබල් කියල. ඩේ‍රසප් වෙන්න ගොඩක් කැමතියි. ඇඳුමක් මගේ ඇඟට හැඩට තියෙනවනම්” මගේ අම්මා සහ තාත්තාගෙන් ඒකට විරුද්ධත්වයක් නැතිනම් මම ඒක අඳිනව.

● තාත්තාගේ ව්‍යාපාර වැඩවලට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?

තාත්තා ප්‍රින්ටින් පැත්තෙන් තමයි වැඩ කරන්නෙ. මගේ අයියාත් දැන් ඒ කටයුතු කරනව. මගේ අදහස මියුසික් පැත්තෙන් ඉදිරියට යන්න. ඊට අමතරව මම ආභරණ හදන පොඩි වැඩක් කරගෙන යනව. ඉදිරියේදී මීට වෙනස් දෙයක් කරන්න වුණොත් සලකා බලනවා.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment