මාර්තු අවසානය තෙක් වියළි කාලගුණයක්

157

ඊයේ වැඩිම උෂ්ණත්වය කටුනායකින්

පවතින වියළි කාලගුණික තත්ත්වය ලබන මාර්තු මාසයේ අග තෙක්ම පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා ‘දිවයින’ ට ඊයේ (13 දා) පැවසීය.

කෙසේ වෙතත් මෙම මාසයේ 16 වැනිදා දක්වා සුළු, සුළු වැසි වාර කිහිපයක් නැඟෙනහිර, ඌව, උතුර, දකුණ, උතුරු මැද පළාත්වලටත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව දිස්ත්‍රික්කවලටත් ඇතිවිය හැකි බව ද හෙතෙම කීය.

එසේම බස්නාහිර, සබරගමුව පළාත්වලටත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලටත් සවස්භාගයේ සුළු වැසි ඇතිවිය හැකි බව ද ඒ මහතා සඳහන් කළේය. මේ අතර, ගතවූ පැය 24 තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වන බවත් එම අගය සෙල්සියස් අංශක 35.5 ක් බවත් හෙතෙම කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment