මාලිමාවේ විරෝධතාවට ජලය ලීටර් 6500ක් ගහලා – මෑතක සිදුකළ වැඩිම ජල ප්‍රහාරය

333

ජාතික ජන බලවේගය (මාලිමාව) පෙරේදා (26 දා) කොළඹ පැවැත්වූ විරෝධතා පාගමනට ජලය ලීටර් හයදහස් පන්සියයක් පමණ එල්ල කිරීමට සිදුවූ බව මහජන සාමය කළමනාකරණ ජල ප්‍රහාර ඒකකයේ පොලිස් ප්‍රකාශකයෙක් ‘දිවයින’ ට පැවැසීය.

මෑත භාගයේ උද්ඝෝෂණ විසුරුවා හැරීමට සිදුකළ වැඩිම ජල ප්‍රහාරය මෙය බව ද පොලිසිය කියයි.

ජල සම්පත් මණ්ඩලය මගින් සපයන ලද මෙම ජලය පිරිසිදු තත්ත්වයේ පවතින බව ද මේ සඳහා රථ දෙකක් යොදා ගත් බව ද පොලිසිය කියයි.

විරෝධතා පාගමනට සහභාගි වූ අතිවිශාල පිරිස හේතුවෙන් මෙසේ ජලය යොදාගැනීමට සිදුවූ බවත් අරගල සමයට පසු වැඩිම ජල ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ පෙරේදා බවත් වාර්තා වේ.
නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment