සමන්තා පවර් කියන වෙනස අරගල බිමට ගිහින් කිව්වා නම් ඇයවත් අත්අඩංගුවට ගනීවි

207
  • ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසයේ නායක අෂ්රොෆ් අසීස්

රට තුළ ආර්ථික හා දේශපාලන වෙනසක් අවශ්‍ය බව පසුගියදා මෙහි පැමිණි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා මෙහි පැමිණි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලක සමන්තා පවර් ප්‍රකාශ කර තිබුණා. ඇය අපේක්‍ෂා කරන වෙනස ‘වෙනස්’ වුවත් ගාලුමුවදොර අරගලයක නිරතවූ තරුණ පිරිසත් එදා එවැනි වෙනසක් ඉල්ලුවා. හැබැයි සමන්තා පවර් ගාලු මුවදොර අරගල බිමට ගිහින් එවැනි වෙනසක් ගැන කීවා නම් ඇයත් අත්අඩංගුවට පත්වන්න තිබුණා යැයි ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසයේ නායක අශ්රොෆ් අසීස් මහතා ඊයේ (15 දා) පැවසීය.

උද්ඝෝෂණ හා විරෝධතා මැඬලීමට රාජ්‍ය බලය යෙදවීම ජාත්‍යන්තරව අප රටට හානිකර වී ඇති බව දැනටම සනාථ වෙලා. එවැනි දේට ජනාධිපතිවරයා හෝ රජය මැදිහත්වීම නුසුදුසුයි. ඒවාට රටේ පවතින නීතියට අනුව පියවර ගැනීමට ඉඩදිය යුතුයි. රජය ක්‍රියාකළ යුත්තේ නිවැරදි දෙසට ප්‍රවිෂ්ඨ වෙමින් භාෂණයේ නිදහසට ඉඩදෙමින්. එහෙත් එම නිදහස ප්‍රචණ්ඩත්වය අනුමත කිරීමක් ලෙස සිතන්න එපා යැයි ද අසීස් මහතා කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment