රැජනගේ අවමගුල් උළෙල ලොව පුරා සජීවීව

126

බ්‍රිතාන්‍යයේ 2 වැනි එළිසබත් රැජනගේ අවමංගල්‍ය ලබන සඳුදා ලන්ඩන් නුවර වෙස්මිනිස්ටර් ශාලාවේදී පැවැත්වේ.

2000කට අධික රාජ්‍ය නායකයන් සහ ප්‍රභූන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම අවමඟුල බි්‍රතාන්‍ය ඉතිහාසයේ සිදුවන විශාලතම රාජ්‍ය අවමඟුල වේ. රූපවාහිනි සේවා 1000කට අධික සංඛ්‍යාවක් මෙය සජීවී ලෙස ලොව පුරා විකාශනය කෙරේ. දහවල් 11ට ආරම්භවන අවමඟුල් උත්සවය 12ට අවසන්වේ. බිලියන 4.1ක ජනකායක් මෙය සජිවී ලෙස නරඹන බව බ්‍රිතාන්‍ය මාධ්‍ය කියා සිටියි. එළිසබෙත් රැජනගේ අවමඟුල් උලෙළ මෙහෙයවන්නේ කැන්ටබරියේ අගරදගුරු හිමිපාණන්ය.

ස්පාඤ්ක්‍ද, ජපාන සහ බෙල්ජියම් රජවරුද ඇමරිකා ජනපති ජෝ බයිඩන් ප්‍රංශ නායන මාර්කෝස් ඇතුළු නායකයෝ එම අවමඟුලට සහභාගි වෙති.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment